මාලිමාවට ඡන්දය දුන් ජනතාව විවිධ හේතු මත ආණ්ඩුවෙන් ඈත් වෙමින් ඉන්නවා, එහෙම නැත්තෙ නෑ – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ජනතාවගෙන් කොටසක් විවිධ හේතු මත ආණ්ඩුවෙන් ඈත් වෙමින් සිටින අතර ඡන්දය නොදුන් ජනතාවගෙන් කොටසක් වත්මන් ආණ්ඩුව කෙරෙහි පැහැදීමෙන් ආණ්ඩුවට එකතුවෙමින් සිටින බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ප්‍රශ්නය – මේ වෙනකොට රජයට පෙර පැවති ජනතා ආකර්ෂණය ඒ ආකාරයෙන්ම තියෙනවාද ? එහෙම නැත්නම් ජනතා කැමැත්ත අඩුවීමක් දක්නට ලැබෙනවාද ?

“ඒක මෙහෙමයි, සමහර අනවබෝධයන් තුළ සමහර අය ආණ්ඩුවට තියෙන ඒ ආකර්ෂණය නැතිවෙන්න පුළුවන්. සමහර අය ගත්තොත් එහෙම විවිධ පෞද්ගලික අභිමතාර්ථ මුදුන්පත් කරගන්න ආණ්ඩුවත් එක්ක ගැටහැහිච්ච අය ඉන්නවා, ඒ පෞද්ගලික පරමාර්ථ මුදුන්පත් කරගන්න බැරිවෙනවායි කියන කාරණය දැනෙනකොට, පොදු අභිමතාර්ථත් එක්ක තමයි මේක යන්නෙ කියලා දැනෙනකොට ඒ අය ඈත වෙන්න පුළුවන්. එහෙම තියෙනවා, එහෙම නැත්තෙ නෑ. හැබැයි ඒ වාගෙම තමයි මේ අලුත් වැඩසටහන් එක්ක අපි සම්බන්ධයෙන් සැකෙන් හිටපු ජනතාව – උදාහරණයක් ගත්තොත් විපක්ෂයේ අය විවිධ බොරු මතවාද ඇරියානෙ, දැන් අපි මේ ඉන්නෙ නුවරනෙ, දළදා මාළිගාවත් ඉවරයි කිව්වා, දළදා පෙරහැරත් ඉවරයි කිව්වා, පන්සල් පල්ලි ඉවරයි කිව්වා, වාහන දෙකක් තියෙනවා නම් එකක් ගන්නවායි කිව්වා, කතන්දර ගොඩාක් කිව්වානෙ, මේක අමු කනත්තක් වෙනවා කිව්වානෙ. මෙන්න මෙව්වා අහලා භීතියට පත්වෙච්ච ජනතාව හිටියා – ආන් ඒ ජනතාව දැන් දකිනවා ඇත්ත ඇති සැටියෙන්. ඉතින් මෙන්න මේකත් එක්ක කලින් මාලිමාවට ඡන්දය නොදුන්නු ජනතාව දැන් මාලිමාවේ ආණ්ඩුවත් එක්ක ගැටගැහෙනවා. ඒ වාගෙම ඡන්දය දුන්නු ජනතාව අන්න අර වාගෙ කියන විවිධ කාරණා මත ඈත් වෙන අයත් ඉන්නවා. ඒ නිසා කොටසක් ඉවත් වෙනවා, කොටසක් අලුතින් එකතු වෙනවා”

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (09) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...