SJB – UNP එකමුතුව : සජබය කැමැත්ත දුන්නත් එජාපය පැත්තෙන් කේස් ?

Date:

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය පොදු වැඩපිළිවෙලකට දේශපාලන වශයෙන් ප්‍රවේශ වීමට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (09) තීරණය කර තිබිණි.

ඊයේ රාත්‍රියේ පැවති සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමෙන් අනතුරුව සජබ නියෝජිතයින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ ද නිකුත් කර තිබෙනු දැකගත හැකිවිය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්වයෙන් යම්කිසි ගැටලුවක් උද්ගත වී ඇති බව ආරංචිමාර්ග පැවසීය.

එජාපය සමග මෙම කටයුතු සම්බන්ධීකරණය සඳහා සජබ පාර්ශ්වයෙන් පත්කර ඇත්තේ කබීර් හෂීම්, මුජිබර් රහුමාන් සහ එස්. එම්. මරික්කාර් යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් බව සඳහන්. එහෙත් මීට පෙර මෙම සාකච්ඡා පැවතියේ එජාප මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය සහ සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙනි.

ඒ අනුව මෙම කටයුතු ඉදිරියටත් පක්ෂ දෙකේ මහලේකම්වරුන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන්ම සිදුවිය යුතු යැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේදීම තමන්ට හිතවත් පුද්ගලයකු සමග අවධාරණය කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...