මෙවර ‘සාමය’ සඳහා වන නොබෙල් ත්‍යාගය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවේද ?

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නෝර්වීජියානු නොබෙල් කමිටුව විසින් මේ වසරේ නොබෙල් සාම ත්‍යාගලාභියා ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන විට, එක් පුද්ගලයකු, එක් නමක් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තිබේ.

ඒ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

පසුගිය සැප්තැම්බර් මාසයේදී නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය (UNGA) අමතමින් සඳහන් කර තිබුණේ, තමාට නොබෙල් ‘සාම’ ත්‍යාගය ලැබෙන බවට බොහෝ දෙනා විශ්වාස කරන බවත්, ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් නොකළ අයුරින් තමා යුද්ධ හතක් අවසන් කිරීම හේතුවෙන් මෙම ගෞරවනීය ත්‍යාගය හිමිවිය යුතු බවත්ය.

ජනාධිපති ට්‍රම්ප් අවසන් කළ බව කියන යුද්ධ අතරට කාම්බෝජය සහ තායිලන්තය; කොසෝවෝ සහ සර්බියාව; කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) සහ රුවන්ඩාව; පකිස්ථානය සහ ඉන්දියාව; ඊශ්‍රායලය සහ ඉරානය; ඊජිප්තුව සහ ඉතියෝපියාව; සහ ආර්මේනියාව සහ අසර්බයිජානය ඇතුළත් වන අතර ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය පසුගිය සතියේ ඔහු එළිදැක්වූ ට්‍රම්ප්ගේ කරුණු 20 ක සාම සැලැස්මේ මුල් බැසගත් සටන් විරාම ගිවිසුමක පළමු අදියරට එකඟ වීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් අටවන යුද්ධයක් අවසන් කිරීමේ හැකියාව සඳහා ගෞරවය හිමි කර ගෙන ඇත.

කෙසේ නමුත් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, කාම්බෝජයේ අගමැති හුන් මැනට්, ආර්මේනියානු අගමැති නිකොල් පෂින්යාන් සහ අසර්බයිජානියානු ජනාධිපති ඉල්හැම් අලියෙව් හා පකිස්තානු රජයද ජනාධිපති ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර ඇත. සැප්තැම්බර් මාසයේ වර්ජිනියාවේ පැවති එක්සත් ජනපද හමුදා සමුළුවක් අමතමින් ට්‍රම්ප් පැවසුවේ ඔහුට සම්මානය ලබා නොදුනහොත් එය “ඇමරිකාවට කරන විශාල අපහාසයක්” වනු ඇති බවයි.

2009 වසරේදී “ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ජනතාව අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ඔහු දැරූ අසාමාන්‍ය උත්සාහයන් වෙනුවෙන්” එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට සමත් වූ අතර නාමයෝජනා 338 ක් අතුරින් නෝර්වීජියානු පාර්ලිමේන්තුව වන ස්ටෝර්ටින් විසින් තෝරා ගන්නා ලද පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වන නොබෙල් කමිටුව ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ.

ට්‍රම්ප් ජයග්‍රහණය නොකළහොත් ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව නෝර්වේ තුළ මේවන විටත් ප්‍රශ්න මතු වී ඇති අතර එක්සත් ජනපදය දැනටමත් රටේ අපනයන සඳහා සියයට 15 ක තීරුබදු පනවා ඇත. පසුගියදා නෝර්වීජියානු පුවත්පතක් වන ඩේජන්ස් නයිරින්ස්ලිව්ට අනුව, ජූලි මාසයේදී ට්‍රම්ප් නෝර්වේ මුදල් අමාත්‍ය ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් සමඟ නොබෙල් සාම ත්‍යාගය සඳහා තීරුබදු සහ බලපෑම් සාකච්ඡා කිරීම සිදු වූ බව වාර්තා වන අතර ස්වීඩනයේ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්ත යටතේ පිහිටුවන ලද නොබෙල් සාම ත්‍යාගය, “ජාතීන් අතර සහෝදරත්වය, ස්ථාවර හමුදා අහෝසි කිරීම හෝ අඩු කිරීම සහ සාම සම්මේලන පැවැත්වීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා වඩාත්ම හෝ හොඳම කාර්යය කළ පුද්ගලයාට” පිරිනමනු ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...