කොළඹ වරායෙන් වාර්තාගත ශුද්ධ ලාභයක්!

Date:

කොළඹ LNW:වසරේ පළමු මාස 08 තුළ කොළඹ වරායෙන් රුපියල් බිලියන 32.2ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පසුගිය වසරේ පළමු මාස 08 තුළ උපයා ඇති ශුද්ධ ලාභය රුපියල් බිලියන 18. 9 ක් වන අතර එය මෙම වසරේ බිලියන 32.2ක් දක්වා වර්ධනය වී තිබේ.

2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ශුද්ධ ලාභය වැඩි වීම බිලියන 13 ක් පමණ වන අතර එය ප්‍රතිශතයක් ලෙස 71%ක වර්ධනයක් ලෙස දැක්වෙයි.

2025 පළමු මාස 08 තුළ ඇස්තමේන්තුගත ලාභය රුපියල් බිලියන 21 ක් පමණ වන අතර ඒ අනුව ඇස්තමේන්තු ගත ඉලක්කය ඉක්මවා වැඩිපුර රුපියල් බිලියන 11 ක් ඉක්මවීමට සමත්ව තිබේ.

නැගෙනහිර පර්යන්තය සහ ජය බහාලු‍ම් පර්යන්තය වැනි ඉදිකිරීම් නිම වීමත් සමඟම ඉදිරියේ දී ධාරිතාව තවදුරටත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා වරාය අධිකාරිය තවදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...