සටහන – රුවන් නෙළුගොල්ල
දේශපාලන ක්ෂේත්‍රය තුළ වංචාව සහ හොරකම බිංදුවටම අඩුකර ඇතත් රාජ්‍ය සේවය තුළ තවමත් වංචා, හොරකම් සිදුවන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
“හොරකම සහ වංචාව දේශපාලන ක්ෂේත්‍රයේ අපි බිංදුවට ගෙනල්ලා තියෙනවා. හැබැයි ඒවා තියෙනවා තව තැන් තැන්වල. කොහෙද ? අපිට අපිටම කියාගන්න වුණාම ප්‍රශ්නයක් වෙනවානෙ නේද ? අපිට පැමිණිලි එනවා දෛනිකව. ඒ නිසා ඉතින් රාජ්‍ය සේවයේ ඉන්න අයට කියන්න තියෙන්නෙ අපිට, පඩි මදි නම් පඩි වැඩිකර ගමු, අමතර වංගු ගහන්න එක එක ඒවා හොයන්න යන්න එපා කියලා අපේ ආයතනවල අයටම කිව්වට කමක් නෑ. මොකද ගොඩක් අය දන්නවා දැන් නීතිය පිටිපස්සෙන් එනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අලුතින් 500ක් බඳවාගන්න දීලා තියෙන්නෙ”
වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ වෘත්තීය සමිති සමුළුවක් අමතමිනි.


