PAN ASIA බැංකුවේ ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ, ලැයිස්තුගත, ණය ශ්‍රේණිගත, ආරක්ෂිත හා ආපසු ගෙවිය හැකි ණයකර නිකුතුව විවෘත කිරීමෙන් අනතුරුව අධි ඉල්ලුමක් වාර්තා වී තිබේ. මෙය බැංකුව කෙරෙහි ආයෝජකයන් තුළ පවතින විශ්වාසය පිළිබිඹු කරයි.

එක් ණයකරයක නාමික වටිනාකම රුපියල් 100ක් වන අතර එම ණයකර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමට නියමිතය.

වසර තුනක කල් පිරීමක් සහිත ණයකර සඳහා වාර්ෂිකව ගෙවනු ලබන 12.75%ක පොලී අනුපාතයක්ද වසර පහක කල් පිරීමක් සහිත ණයකර සඳහා වාර්ෂිකව ගෙවනු ලබන 13.50%ක පොලී අනුපාතයක්ද පිරිනැමේ. ලංකා රේටින් ඒජන්සි මෙම ණයකර නිකුතුවට ස්ථාවර ඉදිරි දැක්මක් සහිත BBB+ ණය ශ්‍රේණිගත කිරීමක් දී තිබේ. කොමර්ෂල් බැංකුවේ ආයෝජන බැංකුකරණ ඒකකය මෙම ණයකර නිකුතුව කළමනාකරණය කළ අතර SSP Corporate Services Pvt Ltd නිකුතුවේ ලේඛකාධිකාරී ලෙස කටයුතු කළේය.

ආයෝජකයන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාරය පෑන් ඒෂියා බැංකුව සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් දිගු කාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට බැංකුව අනුගමනය කරන ප්‍රවේශය කෙරෙහි පවතින අඛණ්ඩ විශ්වාසය තහවුරු කරන බව බැංකුව සඳහන් කළේය. ‘සැබෑම ශ්‍රී ලාංකීය බැංකුව’ ලෙස සිය අනන්‍යතාව ගොඩ නඟා ගෙන ඇති පෑන් ඒෂියා බැංකුව පුද්ගලයන්ගේ සහ ව්‍යාපාරවල මූල්‍ය අවශ්‍යතා සපුරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීම සඳහා සිය කාර්යභාරය තව දුරටත් ශක්තිමත් කරමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘බස් ලලිත්’ගේ යැයි සැක කෙරෙන ගිනි අවි කිහිපයක් සොයා ගැනේ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: "බස් ලලිත්" යන අන්වර්ථ...

රු.මි. 8.4ක අල්ලස් චෝදනාවට චාමර සම්පත් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

යාපනයේ රුපියල් මිලියන 1.7 ක රාත්‍රී සොරකමේ මහමොළකරු එංගලන්තේ නීතීඥවරියක්!

යාපනයේ රු මිලියන 1.7 ක රාත්‍රී සොරකමේ මහමොළකරු එංගලන්තේ නීතීඥවරියක්!

නිහඬ ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්නට මාධ්‍යවේදීන්ට මහඟු අවස්තාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : පාඨමාලා ලාභී මාධ්‍යවේදියෙකු...