නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW :

කළුතර, නාගොඩ ප්‍රදේශයේදී ඊයේ (09) දින අවන්හලක් අසල සිදු වූ වෙඩි තැබීමේ අපරාධය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාර වෙඩික්කරු විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර කාන්තාවක් බරපතළ තුවාල ලැබීය.

කොළඹ සිට මඩකලපුව බලා බස් රථයකින් පලා යමින් සිටියදී නාවල්අඩි හන්දියේ පිහිටි මාර්ග බාධකයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ සිම්පත් 06ක් පොලිස් භාරයට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු වාලච්චේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...

ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපවාලි සැමරුමට එක්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

නල්ලූරුව හෝටලයක නීතිවිරෝධී පරිගණක ජාල වැටලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: පානදුර දකුණ පොලිස් වසමේ...

Real Madrid කණ්ඩායමේ 3-0 ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා (La Liga)...