*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

කුකුළු පැටවුන්ට මේවා බෑ – ගෝල්ෆේස් නායකයින්ට ජවිපෙ බිමල්ගෙන් දෝස්මුරයක් ! (VIDEO)

අරගලය අතරේ මහමැතිවරණයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළත් ගෝල්ෆේස් අරගලකරුවන් එම ඉල්ලීම ඉදිරිපත් නොකිරීම නිසා අරගලය සම්පූර්ණ ජයග්‍රහණයක් කරා ගෙනයාමට නොහැකි වුණු බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

එවන් තත්වයක් ඇතිවූයේ ගෝල්ෆේස් අරගලය තුළ සිටි කණ්ඩායමක් රාජපක්ෂ විරෝධයටත් වඩා ජවිපෙ විරෝධය අංක එකට ගෙන තිබීම නිසා බවටයි ඒ මහතා චෝදනා කරන්නේ.

එයින් අනතුරුව මෙම අරගලයට බොළඳ, මෝඩ, නිර්දේශපාලනික සටන් පාඨ රැගෙන පැමිණි බව පැවසූ ඒ මහතා ඒවා ගෙන ආවේත් දේශපාලනය කරන අයම බවයි සඳහන් කළේ.

තමන් ඔවුන්ගේ නම් සඳහන් නොකරන්නේ එක් කණ්ඩායමකට වඩා එතැන සිටි නිසා බවත් බිමල් රත්නායක මහතා පැවසීය.

අරගලයට ජවිපෙ අවශ්‍ය නොමැති බවට වැරදි මතවාදයක් ඇතැමුන් විසින් පැතිරවූ අතර එවන් වැරදි මතවාදයකට කොතරම් හානියක් කළ හැකිද යන්න ගෝල්ෆේස් අරගලයෙන් පැහැදිලි වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවක් යනු දැවැන්ත අත්දැකීම් සහිත යාන්ත්‍රණයක් බව පැවසූ ඒ මහතා ඔවුන් සමග හැප්පීමට කුකුළු පැටවුන්ට බැරි බවත් අවධාරණය කළේය.

බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ “චේ ගුවේරා සමරුව” අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan