*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ජනක රත්නායකට එරෙහිව නීතිමය පියවර ගන්නැයි කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වගකීමෙන් තොරව සිදුකරන ප්‍රකාශ හරහා බරපතළ ගැටලු මතුවන තත්වයක් උද්ගත වී ඇති හෙයින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අද (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් විසින් මෙය කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුකිරීමට නියමිත බව සඳහන්.

විශේෂයෙන්ම ඉන්ධන සහ විදුලිබලය වැනි ජනජීවිතයට අතිශයින්ම සමීප කාරණා පිළිබඳව ජනක රත්නායක මහතා සිදුකරන ප්‍රකාශ නිසා ආණ්ඩුව අපකීර්තියට පත්වීම, මහජන කැළඹීම් ඇතිවීමට අවකාශ සකස් වීම මෙන්ම ජාත්‍යන්තර වෙළඳ සම්මුතීන්ට පවා බාධා ඇතිවිය හැකි බවයි අදාළ අමාත්‍යවරුන් පෙන්වා දෙන්නේ.

එසේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රෝහිත රාජපක්ෂ මහතාට ටොරින්ටන් පෙදෙසේ පිහිටි නිවාස සංකීර්ණයක කාර්යාල පවත්වාගෙන යාමට පරිශ්‍ර ලබාදීම මත ජනක රත්නායක මහතා අදාළ තනතුරට පත්වූවා විනා ඔහුට ඊට අදාළ සුදුසුකම් නොමැති බවත් අමාත්‍යවරුන් පෙන්වා දී තිබේ.

එමෙන්ම,

  1. කිරුලපන ප්‍රදේශයේ තමන්ට හිමි ගොඩනැගිල්ලක් ජාතික ඉතිරි කිරිමේ බැංකුවට අලෙවි කර දේශිය ආදායම් බදු දෙපාරතමේන්තුවට බදු නොගෙවා සිටීම
  2. මර්චන්ට් බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි කාලයේදී, කඩා වැටුණු සෙලින්කෝ සමුහ ව්‍යාපාරයේ බැංකු ශාඛා වලින් මුදල් හා ලීසිං පහසුකම් ලබා ගෙන සෙංකඩගල මූල්‍ය ආයතනයට ලබා දිම ( මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද සිදු කර ඇත)
  3. ද ෆිනෑන්ස් සමාගමට අයත් සෙලින්කෝ හවුසින් සමාගම බලහත්කාරයෙන් අල්ලා ගැනීම

යනාදී වශයෙන් ඔහුගේ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි රැසක් ලැබී ඇති බවත් සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan