*
Saturday, April 19, 2025
spot_img

Latest Posts

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් ප්‍රකාශයක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත කියා සිටියේ ඊශ්‍රායලයේ විසූ අනුලා රත්නායක නම් කාන්තාව වෙඩි තබා ඝාතනය කර ඇති බවට ඇසින් දුටු සාක්ෂියක් ඇයගේ ඥාතීන් විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කර තිබූ බවත්, ඇයගේ දේහය පිළිබඳව නිශ්චිත තොරතුරක් සොයාගෙන එය ඇයගේම දේහය බවට සනාථ කරගන්නා තුරු ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.

ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, අතුරුදන්ව ඇති ශ්‍රී ලාංකිකයින් දෙදෙනා හැරුණුකොට ඊශ්‍රායලයේ වෙසෙන සෙසු සියලුම ශ්‍රී ලාංකිකයින් සුවසේ සිටින බවයි.

ඔහු වැඩි දුරටත් පවසුවේ,

තානාපති කාර්යාලයේ සංඛ්‍යා ලේඛන අනුව 8000කට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊශ්‍රායලයේ ජීවත් වෙනවා. 2021 වසරේ අපි ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමක් අත්සන් කළා. සාත්තු සේවිකාවන් 2000ක් ශ්‍රී ලංකාවෙන් ඊශ්‍රායලයට එවීම සඳහා. මම හිතන්නේ ඔවුන් අතරින් 612ක පිරිසක් ඊශ්‍රායලය වෙත ඇවිල්ලා තියෙනවා. ඒ අතරින් සියයට 90ක් දෙනා සාත්තු සේවිකාවන් විදියට තමයි සේවයේ නිරත වෙලා ඉන්නේ. ඉතුරු සියයට 10 කෘෂිකර්ම සේවයට එකතුවෙලා ඉන්නවා. සමහර පිරිස් ඉන්නවා සංචාරක වීසා මගින් මෙරටට ඇවිත් නතරවෙලා ඉන්නවා.”

ඊයේ දිනය වනවිට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අතුරුදන් ව ඇති බවට අපට තොරතුරු වාර්තාවුණා. අපි ඒ පිළිබඳව තොරතුරු ගවේෂණය කළා. එක් පුද්ගලයෙක් වෙන්නප්පුවේ පදිංචි යටවර බණ්ඩාර නම් 48 හැවිරිදි සාත්තු සේවකයෙක්. දෙවැනි පුද්ගලයා විදියට සඳහන් වුණේ අනුලා රත්නායක නම් කඩවත හුණුපිටිය පාරේ පදිංචිවෙලා හිටපු 49 හැවිරිදි කාන්තාවක්.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan