ගුවන් සංසරණ ගාස්තු ගැන තීරණයක් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපය හරහා පියාසර කරනු ලබන ගුවන් යානා සඳහා ගුවන් සංසරණ ගාස්තුවක් පැනවීමට හැකිවන පරිදි 1981 වර්ෂයේදී ගුවන් ගමන් සංසරණ පහසුකම් රෙගුලාසි පනවනු ලැබූ නමුත් , එකී රෙගුලාසි පසුගිය කාල සීමාවේ සංශෝධනය කර නොමැති බව රජය පවසයි.

ඒ අනුව 2023 අංක 1 දරණ ගුවන් ගමන් සංසරණ පහසුකම් ගාස්තු රෙගුලාසි සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව, බැවින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සංවිධානයේ ප්‍රතිපත්ති හා වර්තමාන ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගෙන ගුවන් ගමන් සංසරණ පහසුකම් රෙගුලාසි සංශෝධනය කරනු ලැබ ඇති අතර, එකී රෙගුලාසි 2023 අංක 1 දරණ ගුවන් ගමන් සංසරණ පහසුකම් රෙගුලාසි වශයෙන් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර ඇත.

එම රෙගුලාසි පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය වරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...