තවත් හොරු ඇල්ලීමට අලුත් වැඩක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ (LNW):

යම් ආකාරයකින් රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දන්නේ නම්, ශ්‍රී ලංකා පොලීසියේ 1997 විශේෂ දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට පොලිසිය මහජනතාවට දන්වා සිටී. 

රජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචා සහගත ලෙස හෝ නීතිවිරෝධීව සඟවා තිබෙන බවට හෝ යම්කිසි ආකාරයකට කොටස් කර සඟවා තබා තිබෙන බවට හෝ එසේම යම් යම් ස්ථානවල නවතා තබා අබලන්වීමට ඉඩහැර තිබෙන බවට හෝ යම් තොරතුරක් දන්නේ නම් වහාම දැනුම්දෙන ලෙස නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසයි.

මෙම දුරකථන අංකය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක අතර, තොරතුරු ලබා දෙන්නන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවත් තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවය හෙළිකිරීම අත්‍යවශ්‍ය නොවන බවද පොලීසිය දන්වා සිටී.

කෙසේ නමුත් සත්‍ය තොරතුරු පමණක් ලබාදිය යුතු අතර අසත්‍ය තොරතුරු ලබා දෙන්නන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරන බවද පොලීසිය පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...