බස් රථ දෙකක් ගැටී පුද්ගලයින් 18 කට තුවාල!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ (LNW):

උතුවන්කන්ද වලකඩයාව ප්‍රදේශයේ නුවර – කොළඹ මාර්ගයේදී බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇත.

අදාළ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කෑගල්ල සහ මාවනැල්ල රෝහල් වෙත ඇතුළත් කර ඇති බව සඳහන්වේ.

කෑගල්ලේ සිට මාවනැල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක එම දිශාවට පානදුර සිට පැමිණි බස් රථයක් ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ.

අදාළ අනතුරට හේතුව පානදුර සිට පැමිණි බස් රථයේ සිදු වූ කාර්මික දෝෂයක් බව සඳහන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කෑගල්ල පොලිසි විසින් ක්‍රියාත්මක බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...