(VIDEO)ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ පළමු මැතිවරණ ශ්‍රව්‍ය පත්‍රිකාව (Audio Leaflet) මනුෂගෙන්

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ (LNW):

මනුෂගෙන් ලංකාවේ මැතිවරණ ප්‍රචාරනයට අළුත් ක්‍රමයක්

මනූෂගෙන් ලංකාවේ මැතිවරණ ප්‍රචාරණයට අලුත් ක්‍රමයක් – මැතිවරණ ශ්‍රව්‍ය පත්‍රිකාව ( Audio Leaflet)

දේශපාලන ප්‍රචාරණය සඳහා නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම මැතිවරණ ශ්‍රව්‍ය පත්‍රිකාව (audio leaflet ) නිකුත් කිරීමට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානායකකාර පියවර ගෙන ඇත.

එළබෙන පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින ඔහු, සිය මැතිවරණ ප්‍රචාරණයට නවතම ප්‍රවේශයකින් අවතීර්ණ වෙමින් නිර්මාණය කර ඇති මෙම ශ්‍රව්‍ය පත්‍රිකාව ඉදිරියේදී ඩිජිටල් මාධ්‍ය අවකාශය ඔස්සේ බෙදාහැරීමට නියමිතය. මෙය වඩාත් කාර්යක්ෂමව සිය චන්ද දායකයින් ආමන්ත්‍රණය කළ හැකි ක්‍රමයකි . මේ ආකාරයේ පරිසර හිතකාමී තාක්ෂණික භාවිතාවන් දේශපාලන ප්‍රචාරය උදෙසා යොදා ගැනීම ලෝකයේ දියුණු රටවල සුලභව දැකගත හැකි වෙතත් ශ්‍රි ලංකාවේ එවැන්නක් දැකගත හැකි මුල්ම අවස්ථාව මෙයයි .

දේශපාලන ප්‍රචාරණය සඳහා ශ්‍රව්‍යපත්‍රිකා භාවිතය මගින් දෘශ්‍ය ආබාධ සහිත සහ විවිධ සාක්ෂර මට්ටම් සහිත පුද්ගලයින් එකම ක්‍රමයකට ආමන්ත්‍රණය කිරීමට හැකිවෙයි. එපමණක්ද නොව එමගින් සිය දේශපාලන පණිවිඩය පහසුවෙන් බෙදාහැරීමට මෙන්ම වඩාත් කාර්යක්ෂමව සමාජ ගත කිරීමට හැකිවෙයි .

ශ්‍රව්‍ය පත්‍රිකා භාවිතය පරිසර හිතකාමී ක්‍රමයක් වන අතර එමගින් කඩදාසි භාවිතය අවම කර ගත හැක. එමෙන්ම එය ලාංකේය දේශපාලනයට හරිත සංකල්පය වඩාත් නිර්මාණශීලී ලෙස හඳුන්වා දීමක්ද වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...