සහරාවට බලපා ඇති ගංවතුර හේතුවෙන් වසර 50ක් පුරා වියළිව තිබු ඉරිකි විල පිරී යයි

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව හේතුවෙන් අඩසියවසකට පසු සහරා කාන්තාර ප්‍රදේශයට ගංවතුර තත්වයක් ඇතිව ඇති බව වාර්තා වේ.

Rabat අගනුවරට දකුණින් 450km (සැතපුම් 280) පමණ දුරින් පිහිටි Tagounite ගම්මානයේ, පැය 24ක කාලයක් තුළ මිලිමීටර් 100 (අඟල් 3.9) ට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මෙත් සමඟ වසර 50ක් පුරා වියළිව පැවති සාගෝරා සහ ටාටා අතර පිහිටි ඉරිකි විල පිරී ඇති බව වාර්තා වේ.

මොරොක්කෝවේ කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර තිබුණේ, වසර 30 සිට 50 දක්වා කාලයක් තුළ මෙතරම් වර්ෂා පතනයක් දැක නැති බවයි.

සහරා, වර්ග කිලෝමීටර් 9.4 (වර්ග සැතපුම් 3.6) ලොව විශාලතම උණුසුම් කාන්තාරය වන අතර කාලගුණ විද්‍යාඥයන් මෙම තත්වයන් නිවර්තන කලාපීය කුණාටු වශයෙන් හඳුන්වන අතර ඉදිරි මාස සහ වසරවලදී කලාපයේ කාලගුණික තත්ත්වයන් වෙනස් කළ හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...