චීනයට නැවතත් 100% ක තීරු බදු පනවන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එළඹෙන නොවැම්බර් මස සිට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100% ක අතිරේක තීරුබදු පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

සිය තෘත් සමාජ වේදිකාවේ සඳහනක් යොදමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදය, චීනයට තීරණාත්මක මෘදුකාංග සඳහා අපනයන පාලනයන් ද පනවන බවයි.

පසුගිය සතියේ චීනයෙන් මෝටර් රථ, ස්මාර්ට්ෆෝන් සහ තවත් බොහෝ අයිතමවල ප්‍රධාන සංරචක වෙනුවෙන් චීනයෙන් ආනයනය කරන දුර්ලභ පස් අපනයනය සඳහා වන නීති දැඩි කිරීමට බීජිං ගත් තීරණයට ජනාධිපති ට්‍රම්ප් මෙලෙස ප්‍රතිචාර දැක්වූ අතර, චීනය “ඉතා සතුරු” වන බවත් ලෝකය “වහල්භාවයේ” තබා ගැනීමට උත්සාහ කරන බවටත් චෝදනා කර ඇත.

ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුව මූල්‍ය වෙලඳපොලවල් පහත වැටුණි, S&P 500 අප්‍රේල් මාසයෙන් පසු එහි තියුණුම පහත වැටීම වන 2.7% දක්වා පහත වැටි ඇත.

පසුගිය මැයි මාසයේ සිට එක්සත් ජනපදය සහ චීනය අතර බිඳෙනසුලු වෙළඳ ගිවිසුමක පවතින අතර එමඟින් දෙරට අතර වෙළඳාම පාහේ නතර විය. මෙම පියවර මගින් චීන භාණ්ඩ සඳහා එක්සත් ජනපද තීරුබදු වසර ආරම්භයට සාපේක්ෂව 30% ක අමතර බද්දකට මුහුණ දුන් අතර, චීනයට ඇතුළු වන එක්සත් ජනපද භාණ්ඩ සඳහා නව 10% ක තීරුබදුවකට මුහුණ දීමට සිදුවිය.

එතැන් සිට දෙරට අතර නිලධාරීන් TikTok, කෘෂිකාර්මික මිලදී ගැනීම් සහ දුර්ලභ පස් වෙළඳාම සහ අර්ධ සන්නායක වැනි උසස් තාක්ෂණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා මාලාවක් පවත්වා ඇත.

කෙසේ නමුහ්, මෙම මාසයේ දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකදී එක්සත් ජනපද ජනාධිපතිවරයා හා චීන ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...