අද 50 සපුරන නිලක්ෂිකාගේ ක්‍රිකට් ජීවිතයේ පරිච්ඡේද හරහා ක්‍රිකට් කියවා ගනිමු

0
187

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 11, කොළඹ LNW:


ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ මෑත ඉතිහාසය ගත් විට හොඳින් අවස්ථාව ලබා ගැනීම සඳහා ඉඩකඩ ලැබුණු සහ ඉන් උපරිම ප්‍රයෝජන ගත් ක්‍රීඩිකාව වන්නේ නිලක්ෂිකා ද සිල්වා ය.ඇය 2015 දී සිය මංගල එක්දින තරගයට ඉදිරිපත් වූ දා සිට මුල් කාලයේ ඇය සම්බන්ධයෙන් විශාල විශ්වාසයක් තබා අවස්ථාවක් ලබා දුන් බවක් පෙනෙන්නට නැත.එහෙත් පසුව මේ වන විට නිලක්ෂිකා ඇය සම්බන්ධයෙන් ඇයට ඇති විශ්වාසය වැඩි කර ගනිමින්,කණ්ඩායම විශ්වාස කරන පිතිකාරිණියක බවට පත්ව ඇත.


ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ජාත්‍යන්තර පිටියේ ලැබුණු අවස්ථාවන් මෙන්ම ඔවුන්ට වෘත්තිමය ක්‍රිකට් ක්‍රීඩිකාවන් ලෙස සැළකීමද මෑත කාලයේ ඉහළ යන තෙක්ම කාන්තා ක්‍රිකට් යනු වැඩි අවධානයක් යොමු නොකළ ක්‍රිකට් ක්‍රීඩාවක් ලෙස පැවති අතර හොඳම උදාහරණය නිලක්ෂිකාගේ ක්‍රිකට් ජීවිතයේ ඇය අද මුහුණ දෙන්නේ 50 වන තරගයට.2015 සිට අද දවස තෙක් තරග 50 ක් කරා යන්නට සිඳුවීම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ජාත්‍යන්තර පිටියේ තිබුණු තත්ත්වය තේරුම් ගන්නට ප්‍රමාණවත් වනු ඇත.


එහෙත් නිලක්ෂිකාට 2022න් පසුව තරග 30 ක් ලැබී ඇත.2015 සිට 2022 දක්වාම ඇය ක්‍රිඩා කර ඇත්තේ තරග 19 ක් පමණි.ඒ අනුව කාන්තා ක්‍රිකට් සඳහා වැඩි අවස්ථාවක් ලැබෙන්නට ඉඩ සළස්වා ඇත්තේ 2022 සිටය.මේ නවමු වෙනස සමඟ ඇය මේ වසර තුන තුළ අර්ධ ශතක තුනකින් දායකත්වය ලබා දී ඇත.එපමණක් නොවේ තරග ජයග්‍රහණ කරා ගෙන යන්නට අවශ්‍ය්‍ය ඉණිම් මෙන්ම සහයක ඉණිම් ද විශාල ප්‍රමාණයක් ගොඩ නඟා ඇත.


අද නිලක්ෂිකාට වැදගත් දවසකි.ඇය මුහුණ දෙන 50 වන තරගයේදී නිලක්ෂිකා සිටින්නේ සිය 1000 වන ලකුණට ලකුණු 24 ක් පිටුපසින්ය.ඇයට මේ මොහොතේ ඇය ක්‍රීඩා කරන ක්‍රිකට් සමඟ ලකුණු 24 ක් යනු විශාල ඉලක්කයක් නොවේය.මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කාරණය නිලක්ෂිකා 2015 සිට 2022 දක්වා කලය තුළ ක්‍රිකට් ක්‍රීඩා කරමින් ලබා ගෙන ඇති ලකුණු ප්‍රමාණය ලකුණු 283 ක් පමණි.එහෙත් වැඩි අවස්තා ලැබෙන විට ඇය සිය විශ්වාසය ගොඩ නඟාගනිමින් අවසාන තරග 20 දී ලකුණු 687 ක් ලබා ගෙන ඇත.අවසාන වසර දෙකක කාලයේ දී 2024 සහ 2025 යන දෙවසරකට ආන්න කාලයක් ඇය තරග 18 ක් ක්‍රීඩා කර ඇත.එහිදී ඉණිම 16 ට මුහුණ දී නොදැවී මිටි අවස්ථාවන් 6 ක් ද සමඟ ලකුණු 459 ක් රැස් කර ගනිමින් ඉණිමකට ලකුණු 45.9 ක ප්‍රතිශතයක්ද තබා ගෙන ක්‍රීඩා කර ඇත.


නිලක්ෂිකා අද බොහෝ විට 1000 ලකුණු සීමාවට යොමුවනු ඇත.ඒ 1000 සඳහා තරග 50 ක් වැය කරන්න වීම තුළ ඇත්තේ ඇයට පසු කරන්නට සිඳු වූ පරිච්ඡේද දෙකක වෙනසය.එයද අමතක කළ නොහැකිය.හොඳ අවස්තා ලැබෙන වැඩි ඉඩක් ඇති තැනෙක විශ්වාසය කහවුරු වීම තුළ දක්ෂතා ඉහළ යන බවට නිලක්ෂිකා සාක්ෂියක් වනු ඇත.