මේ ගෙනල්ලා තියෙන්නේ ජනාධිපතිතුමාට ඕනෙ ව්‍යවස්ථා සංශෝධනයක් නෙවෙයි – සාගර (VIDEO)

Date:

මේ මොහොතේ රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවතත් සංශෝධනය කිරීම නොව අලුතින් ව්‍යවස්ථාවක් හඳුන්වා දීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

“මම හිතන්නෙ ජනාධිපතිවරයා ඉතා නිවැරදි මගක ඉන්නවා මේ කාරණය සම්බන්ධයෙන්. ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිතුමාට ගේන්න ඕනෙ ව්‍යවස්ථා සංශෝධනයක් නෙවෙයි මේ ගෙනැවිත් තියෙන්නෙ. මෙය කිසියම් හෝ පුද්ගලයින්ගේ අවශ්‍යතාවයක් මත ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයක්. ගරු ජනාධිපතිතුමා ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරලා තියෙන අවස්ථාවක, මේ රටේ ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා ප්‍රකාශයක් කරලා තියෙන අවස්ථාවක මං හිතන්නෙ අපි කළ යුත්තේ නව ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දීමයි. අපි පක්ෂයක් හැටියට ඉන්න මතය වෙන්නෙත්, අපි පාර්ලිමේන්තුවක් හැටියට සිදුකළ යුතු වෙන්නෙත් ඒ නව ව්‍යවස්ථාව ගෙනැවිත් එම ව්‍යවස්ථාව විවාදයට ලක්කරලා ඉන්පසු එම නව ව්‍යවස්ථාව රටට හඳුන්වා දීම. ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයකට යන්න ජනාධිපතිතුමා අදහස් කරනවා නම් එක්වරම නව ව්‍යවස්ථාව සහ ඡන්ද ක්‍රමය ගැන ජනමත විචාරණයකට ගිහිල්ලා මේ රටට ඉදිරියට යන්න පුළුවන්”

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු රාජ්‍ය ඇමති වඩිවේල් සුරේෂ්ගෙන් FCIDය පැය 8ක් ප්‍රශ්න කරයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතාව...

මහින්ද හෙට විජේරාමෙන් තංගල්ලට යයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

රණතුංග සහෝදරයින්ගේ මිලියන 800ක වංචාවක් ගැන විමර්ශනය යටගිහින් – මහවත්ත තොරතුරු ඉල්ලයි

හිටපු ක්‍රිකට් නායකයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු ද වූ අර්ජුන...