අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල් සඳහා ගෙවන මුදල වැඩිකෙරේ

අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල් සඳහා ගෙවීමට යෝජනා කර ඇති මුදල වැඩිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල් සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කරන, දක්නට නොලැබීමේ සහතිකය පදනම් කරගනිමින් අතුරුදන් වූ තැනැත්තාගේ ළඟම ඥාතියාට රුපියල් 100,000 ක මුදල් ගෙවීමට 2022.03.14 පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබිණි.

එසේවෙතත් දක්නට නොලැබීමේ සහතිකය ලබාගැනීම සඳහා දීර්ඝ කාලයක් ගතවීමත්, ගෙවනු ලබන රුපියල් 100,000 ක මුදල ප්‍රමාණවත් නොවීමත් යන කරුණු සලකා බලා,

අදාළ පුද්ගලයා අතුරුදන්ව ඇති බවට හානිපූර්ණ කාර්යාලය තහවුරු කරගෙන ඇත්නම් දක්නට නොලැබීමේ සහතිකය ලබාගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීමටත්

ගෙවනු ලබන මුදල රුපියල් 200,000 දක්වා වැඩිකිරීමටත්

කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...