ශත සංවත්සර පාපන්දු ලෝක කුසලානය යුක්රේනයට..?

Date:

වර්ෂ 1930 ඇරඹි පාපන්දු ලෝක කුසලානයට වසර 100 ක් සැපිරීම සිඳුවන 2030 වසරේදී ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් යුක්රේනයේ පැවත්විමට ඒ වෙනුවෙන් ඉදිරිපත් වන ස්පාඤ්ඤය සහ පෘතුගාලය කැමත්ත පළ කර ඇති අතර යුක්රේන ජනාධිපතිවරයාගේ සිටම ඊට එකඟත්වය පළ වී තිබෙන බව ජාත්‍යන්තර ක්‍රීඩා වාර්තා පෙන්වා දෙයි.

සමස්ත යුරෝපයේම සහය ඊට පළවෙන බව ඒ සම්බන්ධයෙන් දැක්වෙන අදහස්වලදී පැහැදිළි වන අතර එය එසේ පැවත්වුවහොත් රටවල් තුනක් එක්ව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් සංවිධානය කරන පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එකතු වෙනු ඇත.

ලෝකයම ප්‍රතික්ෂේප කරන යුක්රේනයේ සිඳුවන කුරිරු මිනිස් සංහාරය හමුවේ යුක්රේනය දක්වන අධිස්ඨානශීලී,නොසැලෙන ප්‍රතිපත්තිය මේ වන විට ලෝකයේ වැඩි ජාතීන් ප්‍රමාණයකගේ ප්‍රශංෂාවට ලක් වී තිබෙන නිසා,බොහෝ විට මෙම තරගාවලියේ සත්කාරකත්වය අපේක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් සිටින දකුනු ඇමෙරිකානු රටවල් මෙන්ම ආසියාතික රටවල් ද සමහර විට යුක්රේනය සහිත ලංසුවට සහය දීමට ඉඩ ඇත.යුක්රේනය ගො නැඟිමට පාපන්දු ක්‍රීඩාව ආශිර්වාදයක් කර ගැනීමේ අභිප්‍රාය ක්‍රීඩාව හරහා මානව සමාජය ගොඩනැඟීමේ හැකියාව සම්බන්ධ නව මානයක් විකසිත කරනු ඇති බව සිතිය හැකි වුව ද,දැනට ඇති එකම ප්‍රශ්නය රුසියාව ඒ වන විටත් මේ කරිරුකම් අත හැර දමා තිබේද යන්නෙහි සැකය ය.

රාජකීය ස්පාඤ්ඤ පාපන්දු සංගමය මෙන්ම පෘතුගාල පාපන්දු සංගමය ද පවසන්නේ මෙය යුක්රේනයේ දුංඛිත තත්ත්වය ලංසුව දිනිමට ප්‍රයෝජනයට ගැනීමක් සේ ඇතැමුන් දැකිය හැකි නමුත් තම රටවලට අවශ්‍යය සාමය වෙනුවෙන් පෙනී සිටීම සහ එය ප්‍රතිසංස්කරණය කිරීමේ ආස්වාදය ලැබීමට පාපන්දු ක්‍රීඩාවට ඇති ඉහළ ඇගයීම භාවිතයට ගැනීම බවය.මෙය යුරෝපීය සහයෝගිතාවයේ ප්‍රකාශනයක් ලෙස යුක්රේනය තරගාවලිය සඳහා අවශ්‍යය භෞතික පහසුකම්වලින් පෝෂණය කිරීමේ එකඟතාවයකින් වැඩ කරනු දැකීය හැකි තරගාවලියක් විය හැකිය.සැබවින්ම එය එසේ වුවහොත් ක්‍රීඩාව මතින් තැනෙන් සුවිසාලම මානවීය සදාචාරයේ පාළම 2030 ලෝක පාපන්දු තරගාවලිය ද විය හැකිය.නමුත් එවැනි වටිනාකමකට වඩා වෙනත් දේ තිබිය හැකිද යන්න දැන ගැනීමට මේ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම තෙක් ඉවසා සිටින්නට වනු ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...