දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/11

Date:

1. රජයන් මාරුවන විට වෙනස්නොවන ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

2. ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ධනාත්මක වර්ධනයක් කරා ගෙන යාමට ඉන්දියානු සංචාරක සමාගමක් වන Travel Agents Association of India (TAAI) උපකාර කරනු ඇති බව එහි සභාපතිනි ජ්‍යෝති මායාල් (Jyoti Mayal) පවසයි – ශ්‍රී ලංකාව ඉන්දියාවේ සියලුම ප්‍රාන්තවල ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරන බවට සහතික වෙයි.

3. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ‘‘දිගු සහ අවුල් සහගත’’ ක්‍රියාවලියක් විය හැකි බව නැඟී එන වෙලඳපොලවල් කෙරෙහි අවධානය යොමු කරන ආයෝජන පර්යේෂණ සහ දත්ත වේදිකාවක් වන ‘ටෙලිමර් ඉන්සයිට්ස්’ (Tellimer Insights) අනතුරු අඟවයි.

4. ජාතික සභාවේ කෙටි, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ප්‍රතිපත්ති සැකසීමේ ප්‍රමුඛතා හඳුනාගැනීමේ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කරනු ලබයි.

5. ආර්ථික අර්බුදය ලිංගික වෘත්තිය කෙරෙහි ද බලපාන බැවින් ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ ගාස්තු වැඩිවන බවට වාර්තා!

6. ශ්‍රී ලංකාව සහ ජපානය, අඩු කාබන් වර්ධන හවුල්කාරිත්වය සඳහා ඒකාබද්ධ බැරකරණ යාන්ත්‍රණයකට (Joint Crediting Mechanism) අදාළව ගිවිසුමක් අත්සන් කරයි – හරිතාගාර වායු අඩු කිරීමේ ගෝලීය ප්‍රයද්නයට දායක වීමේ අරමුණ ඇතිව ජපානය විසින් 2013 දී ප්‍රථම වරට මෙම ඒකාබද්ධ බැර කිරීමේ යාන්ත්‍රණය හඳුන්වා දෙන ලදී.

7. රුසියානු ගුවන් සමාගමක් වන ‘Aeroflot’ මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් මාස 04කට පසු නැවත ආරම්භ කරයි.

8. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ට තම කාර්යභාරයන් ඉටු කිරීමට ඉඩ ලබා නොදුන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බව පැවසූ ‘වියත්තු,’ මහින්ද රාජපක්ෂ ගෙදර යැවීම සඳහා ‘අරගලය’ හැසිරවූ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

9. මිල අඩුකිරීම් නොතකා පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ගෑස් සිලින්ඩර සඳහා ඇති ඉල්ලුම සියයට 25 – 30 කින් පහත වැටී ඇති බව ලාෆ් හෝල්ඩිංග්ස් හි සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය පවසයි – උද්ධමනය ඉහළ යාම සහ විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිතය ඊට හේතු වූ බව පවසයි.

10. ශ්‍රී ලංකා යුද හමුදාව සිය 73 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව වාර්තාගත ලෙස හමුදා නිලධාරීන් රැසකට උසස්වීම් ලබා දෙයි – නිලධාරීන් 372 ක් සහ අනෙකුත් නිලයන් දරන්නන් 7,127 ක් ඔවුන්ගේ ඊළඟ නිලය කරා උසස් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...