*
Friday, September 27, 2024
spot_img

Latest Posts

බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ නඩුවෙන් සාරුවා සුනිල් නිදොස්කොට නිදහස් !

බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී බරපතළ වැඩ සහිතව වසර 15ක සිරදඬුවම් නියම වී සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් හෙවත් සාරුවා සුනිල් මහතා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කළේය.

2012 වසරේදී බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් සාරුව ලියනගේ සුනිල් මහතාට චෝදනා එල්ල වූ අතර 2020 ජනවාරි 17 වනදා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණය ඔහුට වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවක්, රුපියල් 25000ක දඩයක් සහ රුපියල් 250,000ක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කළේය.

එම දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් සුනිල් මහතා ප්‍රකාශ කර තිබුණේ තමන්ව වරදකරු බවට තීන්දු කර ඇත්තේ අතවරයට ලක්වූ බව කියන දැරිය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දුන් වීඩියෝ සාක්ෂියක් මත පමණක් පදනම්ව බවයි. එම වීඩියෝ සාක්ෂියේ සඳහන් කරුණු වෙනත් සාක්ෂි මගින් සනාථ කිරීමට පැමිණිල්ල අපොහොසත්ව ඇති බැවින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඒ මහතා සිය අභියාචනා පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

එම අභියාචනා පෙත්සමේ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත්කරමින් පී. කුමරන් රත්නම් සහ සම්පත් අබේකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල නියම කළේ ඔහුව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan