අභාවයට යන තැපෑල

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රජය සහ තැපැල් පරිපාලනය ගනු ලබන තීන්දු තීරණ මෙන්ම පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන්, තැපැල් කාර්යාල හරහා සපයන මහජන සේවා පවත්වාගෙන යාම බරපතළ අර්බුදයක් බවට පත්ව අති බව, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

ඒ පිළිබඳ එහි කැදවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා පැවසුවේ මෙවන් අදහසක්,

“තැපැල් දෙපාර්තමේන්තුව සඳහා අවුරුදු 10කට ආසන්න ප්‍රමාණයකින් බඳවා ගැනීම් සිදුකරලා නෑ. 5,000කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් ඉන්න ඕනේ හැබැයි 2‍,000කට ආසන්න ප්‍රමාණයක් පුරප්පාඩු විදියට පවත්වාගෙන යන්නේ. ඒ තුළ මහජන සේවා ලබාදීම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මහජනතාවට පිංපඩි, විශ්‍රාම වැටුප්, රජයේ විවිධ ගෙවීම් සිදුකරනවා. මේ ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය මුදල් ගැන ලොකු ප්‍රශ්නයක් මේ මාසයේ ඇතිවෙලා තියෙනවා. භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් නිසිවේලාවට ලබානොදීම සහ මුදල් කළමනාකරණය ගැන තිබුණු ක්‍රමවේදය වෙනස් කරලා තියෙනවා. කෂේත්‍ර නිලධාරීන්ගේ බඳවා ගැනීම් නතර කරලා තියෙනවා. ඒ තුළින් දෛනිකව ලිපිබෙදා දීමේ ගැටලුවක් ක්‍රමයෙන් උද්ගත වෙමින් තියෙනවා.”

යනුවෙන් ඔහු කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...