ජනාධිපතිගේ සහ සෞඛ්‍ය ඇමතිගේ ඒකාබද්ධ කැබිනට් යෝජනාවට අනුමැතිය!

Date:

කොළඹ LNW:ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සදහා පදනම් කරගත යුතු ප්‍රමිතීන් හා නිර්නායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒකාබද්ධවයි මෙම කැබිනට් පත්‍රිකාව යොමුකර තිබුණේ.

එමෙන්ම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදී වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට ඉදිරිපත් වූ යෝජනාවන්ට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...