වනජීවී හා වන සම්පත් රැකගන්න සජිත්ගෙන් යෝජනා රැසක්! (VIDEO)

Date:

කොළඹ LNW:පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මකව බවත් එහිදි සතා සිව්පාවා ගහ කොළ මෙන්ම මානව සම්පත ගැන දත්ත අතිශය වැදගත් බවත් මැත කාලයේ සිට පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති ඇති උනන්දුව වැඩි වීම සුබවාදී බවත් මේ නිසාම තොරතුරු දත්ත සම්බන්ධයෙන් සොයන කණ්ඩායම් පවා වැඩි වීම සුබවාදී කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙම උනන්දුවට සාපේක්ෂව විෂය තුළ භෞතික හා මානව සම්පත් වර්ධනය වී ඇත්ද යන්න බරපතළ ගැටලුවක් බවයි විපක්ෂ නායකයා පෙන්වාදෙන්නේ.

එම නිසා වන ජීවීන් සම්බන්ධයෙන් කටයුතු කරන වන ජීවී දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් වර්ධනය විය යුතු අතර හරිත ආර්ථික හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කතා කළත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන්නේ නම් එහි වැඩක් නොැමැති බව ප්‍රේමදාස මහතා කියා සිටියි.

එසේම වසර 10 කට වඩා වැඩි කාලයක් ස්වේච්ඡා සේවකයන් ලෙස කටයුතු කරන පිරිසක් මෙම දෙපාර්තමේන්තුවේ සේවය කරන බැවින් ඔවුන් ස්ථිර කළ යුතු බවත් මේ සදහා අවශ්‍ය මුදල් සෙවීමට වන ජීවී දෙපාර්තමේන්තුව වන සම්පත මූලික කර ගත් ව්‍යවසායකයකු විය යුතු බවත් දෙපාර්තමේන්තුවට අයත්කදවුරු භූමි සංචාරකයන්ට විවෘත කර ඒ තුලින් ආදායම් උත්පාදනය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

”එසේම වන ජීවී ප්‍රේරණ කලාප ආශ්‍රිතව බදවා ගන්නා ලද පැරණි අත්දැකීම් සහිත පුද්ගලයන් ලවා වන ජීවී නිලධාරීන්ට විධිමත් පුහුණුවක් ලබා දිය යුතු වෙනවා. එවිට දේශපාලන ඇගිලි ගැසීම් වලිනි තොර විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කළ හැකියි. ඊට අමතරව හරිත පුරවැසියන් නිර්මාණය කිරිමේ අරමුණින් හරිත ණය වැඩසටහනක් ආරම්භක කර ජනතාවද වනජීවි සංරක්ෂණය සදහා යොද⁣ා ගත හැකිය. මේ තුළින් ප්‍රජා පොලිස් වැඩසටහනට අමතරව ප්‍රජා පරිසර වැඩසටහනක්ද ක්‍රියාත්මක කළ හැකියි.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන් පැවැති වන අලි ගැටලුව වනජීවී පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබද ආංශික අධික්ෂන කාරක සභාවට එක්වෙමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...