ගාසා තීරයේ හඳුනාගත් ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් අඛණ්ඩ ගුවන ප්‍රහාර!

Date:

කොළඹ LNW:ගාසා තීරයේ හඳුනාගත් ඉලක්ක වෙත අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටියි.

පසුගිය සෙනසුරාදා හමාස් සංවිධානය රොකට් ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලයට එල්ල කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර ගැටුම් ආරම්භ විය.

ඊයේ දිනය වනවිට ඊශ්‍රායල ගාසා දේශසීමාවේ සම්පූර්ණ බලය අත්පත් කරගැනීමට සමත්වු බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කළේ.

සම්පූර්ණ ගාසා තීරයේම බලය අත්පත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් ආරම්භ කිරීමට පෙරේදා දිනයේදී ඊශ්‍රායලය කටයුතු කරන ලදී.

ගාසා තීරයට ජලය,විදුලිය,ආහාර හා ඖෂධ ලබාදීමේ සැපයුම් මාර්ග අත්හිටුවීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කර තිබෙන අතර හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායල වැසියන් 1,200ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාරයන්ගෙන් මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන ජාතිකයින් සංඛ්‍යාව දහසකට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඇමෙරිකා ප්‍රථම යුද ආධාර තොගය රැගත් ගුවන් යානය ඊශ්‍රායලයට පැමිණ ඇති බව සඳහන්.

යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ නැගෙනහිර මධ්‍ය ධරණී මුහුදේ ප්‍රහාරක යානා රැගත් නෞකා දෙකක් ස්ථාන ගත කිරීමට ඇමෙරිකාව පියවර ගෙන තිබුණි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ සිය සහය ඊශ්‍රායලය වෙත අඛණ්ඩව ලබා දෙන බවයි,

දෙපාර්ශ්වයම ප්‍රහාරයන් හමුවේ ඊශ්‍රායල හා පලස්තීන කුඩා දරුවන් රැසකට තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුව ඇති බවත් මානව හිමිකම් සංවිධාන පෙන්වා ඩේ.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ අවතැන්ව සිටින සංඛ්‍යාව 260,000කට අධික බවද සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...