ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඇගයේ – ණය තිරසර කරගන්නත් IMF සහය දෙන බවට පොරොන්දුවක්!

කොළඹ LNW: මොරොක්කෝවේ දී පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2023 වාර්ෂික රැස්වීම අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ ගීතා ගෝපිනාත් මහත්මිය සමඟ මේ වන විට ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිස සාකච්ජාවක් පවත්වා තිබේ.

එහිදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන තිබෙන ප්‍රගතිය අගය කර තිබෙන අතර ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ශ්‍රී ලංකාවේ දරණ ප්‍රයත්නයන් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ සහය එහිද පළකර ඇත.

දූෂණ විරෝධී ක්‍රියාමාර්ග හා පිළිගත් පාලන ක්‍රමවේදයන් හදුන්වාදීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවේ දැනට කරගෙන යන වැඩ කටයුතු පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව සේමසිංහ මහතා පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...