*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ආසියානු වෙළඳපොළට පිවිසීමට මෙරට ඖෂධ අංශයට අනඝි අවස්ථාවක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) පහසුකම් සහිතව නැගෙනහිර ආසියාතික වෙළෙඳපොළට පිවිසීමට ප්‍රධාන මාර්ගයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ නැගී එන අංශයක් ලෙස ඖෂධ නිශ්පාන අංශය හඳුනාගෙන ඇත.

නිෂ්පාදකයින්ට පහසුකම් සැලසීම සඳහා දේශීයව එයට අනුගත විය හැකි පරිසරයක් ඇති කරන අතරම, ගෝලීය වශයෙන් කර්මාන්තයේ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර වෙළඳපොලේ වැඩි මාර්ග නිර්මාණය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සඳහා පහසුකම් සැලසීමට අඛණ්ඩව කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ඖෂධ අංශය ආනයන ආදේශන කර්මාන්තයක් ලෙස පමණක් නොව විදේශ මුදල් ඉපයීමට සහ ඉතිරි කර ගත හැකි අපනයනට නැඹුරු කර්මාන්තයක් ලෙස ද අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පහසුකම් සපයා ඇත.

මේ වනවිට ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) කාම්බෝජ ඖෂධ බෙදාහරින්නන්ගේ සංගමය (CPDA) සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කර ඇති අතර, අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය 2023 සැප්තැම්බර් 20 වන දින අපනයන සංවර්ධන මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් 6 වන Phar-Med Cambodia 2 ප්‍රදර්ශනයේ සම්මන්ත්‍රණ වැඩසටහනේදී සිදු කර ඇත.

ඖෂධ කර්මාන්තය ශක්තිමත් කිරීම සහ ආර්ථිකයට අංශයේ දායකත්වය ඉහළ නැංවීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 2023 සැප්තැම්බර් 20 සිට 22 දක්වා කාම්බෝජයේ නොම් පෙන් හි පැවති ,6 වන Phar-Med Cambodia 2023 හි පළමු වරට ශ්‍රී ලංකා Pharmaceutical පැවැත්මක් සංවිධානය කර ඇති අතර, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහාය ඇතිව මෙම වැඩසටහන දියත් කර ඇති බව සඳහන් වේ..

කාම්බෝජය යනු ආර්ථික සංවර්ධනයත් සමඟ සෞඛ්‍ය සේවා සඳහා වැඩි මුදලක් වැය කරන රටකි. සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා රජය සහ ලොව පුරා සිටින සංවර්ධන හවුල්කරුවන් යන දෙකම විශේෂ අවධානයක් යොමු කරනු ලබයි.

කාම්බෝජයට මිලියන පහළොවකට අධික පාරිභෝගිකයින් පිරිසක් සිටින ඖෂධ වෙළඳපොළට විශාල ආර්ථික දොරටුවක් විවෘතව අති අතර කාම්බෝජය තායිලන්තය, ලාඕසය සහ වියට්නාමය යා කරන ව්‍යාපරික මරමස්තානයක්ද වේ.

“Phar-Med 2023” යනු කාම්බෝජයේ ප්‍රමුඛ පෙළේ බහුජාතික සහ කලාපීය සමාගම්වල නවතම සහ වේගයෙන් ප්‍රචලිත වන නව නිෂ්පාදන ප්‍රදර්ශනයක් වන අතර සෞඛ්‍ය සේවා කර්මාන්තයයට අදාළ ප්‍රදර්ශනවලින් එකකි.

මෙම සමාගම් ඖෂධ, පෝෂණ ද්‍රව්‍ය, ඖෂධ ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ සහ උපකරණ, රසායනාගාර උපකරණ යන උපාංග සමඟ කටයුතු කරන අතර, මෙම වාර්ෂික ප්‍රදර්ශනයට ලොව පුරා රටවල් සම්බන්ධ වීමට ප්‍රබල උනන්දුවක්ද දක්වයි. .

“Phar-Med 2023” මෙම ප්‍රදර්ශනයට සහභාගී වූ, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ඖෂධ සමාගම් තුනකින් (03) සමන්විත M/s Gammainterpharm (Private) Limited, M/s Astron Limited, M/s Emergen Life Sciences (Private) Limite යන සමාගම් වේ.

මෙම ප්‍රදර්ශනයට, ප්‍රතිජීවක, විටමින්, පෝෂණ ද්‍රව්‍ය සහ ශ්වසන ආරක්ෂණ නිෂ්පාදන වැනි ඖෂධ නිමි සංයෝග ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ මගපෙන්වීම යටතේ ප්‍රදර්ශනය කරන ලදී.

මෙම ප්‍රදර්ශනයට සහභාගී වූ සමාගම් ප්‍රකාශ කළේ , ශ්‍රී ලාංකේය ඖෂධ නිෂ්පාදකයින්ට විවිධ විදේශීය බෙදාහරින්නන් සමඟ ව්‍යාපාරික සබඳතා ආරම්භ කිරීමට සහ ජාත්‍යන්තර වෙළඳපොලේ පවතින නව ප්‍රවණතා ගවේෂණය කිරීමට කදිම අවස්ථාක් උදා කළ බවයි.

මෙම වසරේ ප්‍රදර්ශනය සඳහා, ඖෂධ බෙදාහරින්නන්, රෝහල් සහ සිල්ලර ඔසුසල් වලින් ප්‍රදර්ශනය නැරඹීම සඳහා 2,000 කට වැඩි පිරිසක් පැමිණ ඇති අතර, තවද, ජර්මනිය, වියට්නාමය, කාම්බෝජය සහ ජපානය ආදී රටවලින් ප්‍රදර්ශකයින් 60 කට වැඩි පිරිසක් ද ප්‍රදර්ශනයට සහභාගී වි ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan