*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

පනාපුත්‍ර කුහුඹු පැණි’ මතකාවර්ජන

සටහන –සශිකලා මධුෂාණි

කොළඹ (LNW): ශ්‍රී ලාංකීය සිනමාවේ, වේදිකාවේ අසහාය රංගධරයෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු ,තවත් විටෙක ගායකයෙකු , තිර රචකයෙකු , රූපවාහිනී පූරකයෙකු, නවකතා රචකයෙකු , තීරු ලිපි රචකයෙකු , ගීත රචකයෙකු මෙන්ම ඉතිහාසඥයෙක් හා ගවේෂකයෙක් වූ ජැක්සන් ඇන්තනි සකල කලාවන් තුළ ම සිය ප්‍රතිභාව ප්‍රචලිත කළ අප්‍රතිහත නිර්මාණකරුවකු විය.

මේ අල්පමාත්‍ර කියවීම ඔහු පිළිබඳවයි.

1958 ජූලි 08 වන දින රාගමදී මෙලොව එළිය දුටු කොන්ගානිගේ ජෝසෆ් මල්සි ජැක්සන් ඇන්තනි හෙවත් ජැක්සන් ඇන්තනි සිය මුලික අධ්‍යාපනය හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලය, බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලය සහ ගම්පහා ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් නිමකළ අතර අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී සිංහල භාෂාව සහ සාහිත්‍යය වෙනුවෙන් ගෞරව උපාධියක් හා පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගත්තේ ය.

https://youtu.be/BFZhTLsTFTI?si=GMu2Icl1M4mDuWY2

ඔහු මුලිනම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී මංගල සේනානායකගේ ‘එහෙත්’ නමැති නාට්‍යයෙට සම්බන්ධ වූ අතර එහි රඟපෑ ඔහුට හොඳම නළුවා සම්මානය හිමි විය. එම සම්මානයට ඔහු තෝරා ගත් සුගතපාල ද සිල්වා, සිය ‘මරාසාද්’ නාට්‍යයෙහි ප්‍රධාන භූමිකාව ඔහුට පිරිනමමින් නාට්‍ය කලාවේ දැවැන්ත රංග භූමිකාවකට පාර පෙන්වීය. අනතුරුව සරච්චන්ද්‍රගේ ‘ලෝමහංස’, දයානන්ද ගුණවර්ධනගේ ‘මධුර ජවනිකා’, ලූෂන් බුලත්සිංහලගේ ‘තාරාවෝ ඉගිලෙති’, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භීෂණ’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අත්’, ‘මෝරා’ සහ ‘ඔත්තුකාරයා’ වැනි නාට්‍යවල ජැක්සන් රඟපෑ භූමිකා ශ්‍රී ලංකා නාට්‍ය කලාවේ නොමියෙන සිහිවටන වේ.

https://youtu.be/N96eBC6YqDg?si=8iRUuhWAzUArlvo9

මෙරට නළු පරම්පරාවේ වේදිකා නාට්‍යය, ටෙලි නාට්‍යය මෙන් ම සිනමාව ද එක සේ ජයග්‍රහණය කළ එක ම මහා නළුවා ජැක්සන් ඇන්තනි බව ප්‍රකාශ කිරීම අතිශයෝක්තියක් නොවන අතර, ඔහු සිනමා රංගනයෙහි අතිවිශිෂ්ටයෙකු බව තහවුරු කර ගැනීමට, ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘බවදුක’ සහ ‘බවකර්ම’, උදයකාන්ත වර්ණසූරියගේ ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ සහ ‘රන්දිය දහර’, එච්. ඩී. ප්‍රේමරත්නගේ ‘විසිදැල’, බෙනට් රත්නායකගේ ‘අස්වැසුම’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අග්නිදාහය’, ‘ගරිල්ලා මාකටිං’ සහ ‘මහරජ ගැමුණු’, ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සූරිය අරණ’, ජැක්සන්ගේ ම ‘ඇඩ්‍රස් නෑ’, එස්. රවීගේ ‘ධර්ම යුද්ධය’ යන චිත්‍රපට කිහිපය වුව ප්‍රමාණවත්,” බව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අදහස යි. ඊට අමතරව ගුරු ගෙදර, චිට්ටි, අයෝමා, වීසි දැල (1994), ලොකු දුව (1994), භව දුක, මිල්ලෙ සොයා (2004), ධීවරී (2006), කුරුලු පිහාටු (2006), අබා: පණ්ඩුකාභය (2008) – අධ්‍යක්ෂණය, ප්‍රවේගය (2015) ආදිය ඔහුගේ මතක කළ නොහැකි නිර්මාණ වේ.

https://youtu.be/kKnvN08LTe8?si=jjEg_-aJVpbCXv-k

ඔහු සිනමා නළුවෙකු ලෙස තැබූ පියවර කූටප්‍රාප්තියට පත් වූයේ, කේරළ සිනමාවේ ‘ලක්නව්’ නමැති මලයාලම් චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතයට තෝරා ගැනීමත් සමග ය.

ජැක්සන් දක්ෂ ගායන ශිල්පියෙකු බව ප්‍රකට වූයේ, ‘සුසීමා’ ටෙලි නාට්‍යය වෙනුවෙන් ඔහු ගැයූ ගීත කිහිපයකිනි. “දෑස පියා ගත් කල” නමැති ගීතය තවමත් අතිශයින් ජනප්‍රිය ගීතයකි. ඊට අමතරව

ක්ලැරන්ස් විජේවර්ධන සමඟින් = සිතේ සුසුම් නිවන ගයන
ක්ලැරන්ස් සමඟින් = දස පිය ගත් කල මත
ක්ලැරන්ස් සමඟින් = “දේවතවන් සිටන දවල්”
ක්ලැරන්ස් සමඟින් = රෑ තාරකාවෝ
බිරිඳ කුමාරි මුණසිංහ සමඟින් = ලන්දේ උකුල උඩ
බණ්ඩාර දෙයියෝ ටෙලි නාට්‍ය තේමා ගීතය නොහො දෙනාගේ ආකර්ෂණය දිනාගත් ගීත කිහිපයකි.

ජැක්සන් පර්යේෂණාත්මක නිර්මාණකරුවකු වනඅතර ස්වර්ණවාහිනිය හරහා විකාශය වූ ‘මහා සිංහලේ වංශකතාව’, ‘මහා සංචාරේ’, ‘ගඟ දිගේ’, ‘සලංහන්තේ’ ඔස්සේ ඔහු රූපවාහිනී තිරය මත නොමැකෙන මුද්‍රාවක් තැබුවේය. ඔහු රූපවාහිනියේ තිබුණු සංචාරක වාර්තා වැඩසටහන්,දේශානුගත ඩිස්කවරි වැඩසටහන් බවට පත් කළේය. ඒවා නොමියන මතකය.



1992 වසරේදී ඔහු සිය මංගල ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සනිටුහන් කරමින් “ඇසළ කළුවර” අධ්‍යක්ෂණය කළේ ය. ඉන්පසුව 2014 වසරේ ඔහු අධ්‍යක්ෂණය කළ දෙවන ටෙලි නාට්‍යය වූ ‘‘දස්කොන්’’ දේශීය සම්මාන උළෙල කිහිපයකදී ම සම්මාන දිනා ගත්තේ ය. ලාංකීය සංස්කෘතික වපසරිය වාසභවන කරගත් ජැක්සන්
ඔහුගේ රංගන දිවිය තුළ සරසවි සම්මාන, ජනාධිපති සම්මාන සහ ඕ.සී.අයි.සී. සම්මාන වැනි දේශීය සම්මාන උළෙලවලදී හොඳ ම නළුවා සම්මාන 20කට වඩා හිමි කරගන්නට තරම් පුණ්‍යවන්ත විය.

ජැක්සන් ඇන්තනී මහතා මාරාන්තික අනතුරට ලක්වන්නට පෙර සිංහබාහු චිත්‍රපටයට සම්බන්ධ සාකච්ඡාවක් අතරතුර තමන් ජීවිතයේ අපේක්ෂා කළ ඉලක්ක සියල්ල සම්පූර්ණ කරගන්නට බැරිව යාම ගැන කණස්සල්ලෙන් කතා කළ ඊට අදාළ හඬ පටය පහතින් වේ.

https://youtu.be/Jb1J5JcnU6E

‘පුංචි කාලේ පකිස් පෙට්ටියකට තාත්තගෙ කෑලි 6 ටෝච් එක ගැට ගහලා බිත්තියට චිත්‍රපට පෙන්නපු මිනිහෙක් මම. ඒනිසා කුඩා කාලයේ සිට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන්න උත්සාහ කළාට අපි ප්‍රවිෂ්ටය ගත්තෙම මහා ඛේදවාචක යුගයක් මැද්දෙ. මට දැන් වයස අවුරුදු 63 ක්. මං තාම චිත්‍රපට තුනයි කරල තියෙන්නෙ. මගේ ගෙදර මම ලියාපු චිත්‍රපට අටක් විතර තියනවා. චිත්‍රපට තුනෙන් මට මැරිල යන්න වෙයිද කියල හරි දුකෙන් හිටියේ. මගෙන් පස්සෙ මගේ සිහිනය සැබෑ කරන්න මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. උන් මගේ සිහිනය සැබෑකරනවා.’

ජැක්සන් ඉතිහාසයේ සිය භූමිකාව තුළ නොවැලැක්විය හැකි ලෙස දෙයාකාරයකට ලියවන චරිතයකි. ඉන් එකක් නම් කලාකරුවකු ලෙස ඔබ අප හඳුනාගන්න ජැක්සන් හා දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ජැක්සන්ය. ඒ සම්බන්ධයෙන් ඔබට මට වෙනම කියවීමක් තිබේ. කෙසේ නමුත් ජැක්සන් වන් නිර්මාණකරුවකු පහළවීම තවත් කාලාන්තරයකට සිදු නොවනු ඇත.

කෙසේ නමුත්, අවසන

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, සිනමාවේ සිහින කුමරු විජය කුමාරතුංග, සිනමාවේ අසහාය නළු ජෝ අබේවික්රමගෙන් පසු සිංහල සිනමාවේ මහා නළු පෞර්ෂය වූ පනාපුත්‍ර කුහුඹු පැණි,ජැක්සන් අත්තනිට මොක්සුව පතමු.!

https://fb.watch/nCmFLq4ORM/


Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan