ඖෂධ නියාමන අධිකාරිය ප්‍රශ්න මග අරිනවා – රවී කුමුදේශ්

Date:

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් (Iv Ig) වැනි ඖෂධයක් හදපු තැනක් නොදැන, හදපු කෙනෙක් නොදැන, මහ ජනතාවට විදලා ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කර හරින්න ඖෂධ නියාමන අධිකාරියට නොහැකි බව පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා මේ පිළිබඳ පැවසූවේ මෙවන් අදහසක්,

“හියුමන් ඉමියුනෝග්ලොබියුලින් කියන්නේ අතිශය සංවේදී ඖෂධයක්. මේ ඖෂධයෙන් රෝගීන් සුවපත් වෙනවා වගේම, නිවැදි ක්‍රමවේද භාවිතා නොකලොත් අතිශය භයානක රෝග ගණනාවක් ඇති වෙන්නත් පුළුවන්. මේ ඖෂධය සඳහා අමුද්‍රව්‍ය විදිහට එකතු කරන රුධිරය පූර්ව පරීක්ෂණ දහයකට වඩා සිදු කරලා රෝග කාරක නොමැති බව තහවුරු කර ගන්නවා. හදපු තැනක්, හදපු කෙනෙක් දන්නේ නැතුව මිල දී ගත්ත ඖෂධයක ඒ ආරක්ෂාව කොහොමද තහවුරු කරන්නේ. ඒ නිසා මේ වැරැද්ද හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාරය අසාර්ථක වෙනවට අමතරව භයානක තත්වයක් ඇති වෙන්න පුළුවන්.

මේ ඖෂධය සඳහා රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වැය කරලා තිබෙනවා. ඒ කියන්නේ ප්‍රසම්පාදනයේදී අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබිලා තියෙන්න ඕනේ.

ඖෂධ නියාමන අධිකාරියේ හොර ලියුම

හොර ලියුම් වර්ග තුනක් තියනවා.

1. අත්සනට සහ නිල මුද්‍රාවට අදාල පුද්ගලයාගේ අනු දැනුමකින් තොරව, ව්‍යාජ ලෙස සකස් කරන ලද අයිතම යොදා ගනිමි සකස් කරන හොර ලියුම
2. ව්‍යාජ නිල මුද්‍රාවන් සහ අත්සන් යොදා ගනිමින්, අදාල පුද්ගලයාගේ දැණුවත්බාවය සහිතව, ක්‍රමයෙන් පිට සකස් කරන් බොරු ලියුම
3. අදාල පුද්ගලයා විසින්ම, හසු වූ විටෙක එය ව්‍යාජ බව හැගවිය හැකි පරිදි හිතාමතාම සකස් කරනු ලබන හොර ලියුම.

ඖෂධ නියාමන අධිකාරිය, ලියාපදිංචියෙන් තොරව බාල ඖෂධ ගෙන ඒම සඳහා නිකුත් කල හොර ලියුම, ඉහත අකාර තුනෙන් කිනම් වර්ගයකට අයත් දැයි සොයා බැලිය යුතුව ඇත.

බිලියන ගණන් වංචා කල හැකි, මිනිසුන්ගේ ජීවත වලින් වන්දි ගෙවිය යුතු තීරණ වලට අදාල ලිපියක් පවා, හොර ලියුමක් බවට පත් වීම වැලැක්වීමට ඇති සරළ කළමනාකරණ උපක්‍රම නොයොදමින්, ගතාණු ගතිකව තීරණ ගැනීම නිසා, ඇත්තටම එය හොර ලියුමක් වුණත්, නියාමන අධිකාරිය ඊට වග කිව යුතු නොවේද? “

රවී කුමුදේශ්
සභාපති
පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...