කොලම්බස්ගේ ඇත්ත යටගියාව සොයා ගිය ගමනේ වර්තමාන යතාර්ථය!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 12,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
: යුරෝපීය ගවේෂණන් සඳහා නව ලෝකයට පා සටහන් විවෘත කරමින් ඉතිහාසය නැවත හැඩගස්වා සියවස් පහකට වැඩි කාලයකට පසුව, ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ මූලාරම්භය පිළිබඳ සත්‍ය හෙළි කිරීමට ඔවුන් සූදානම් බව විද්‍යාඥයෝ පිරිසක් ප්‍රකාශ කරති.

රිස්ටෝපර් කොලම්බස් නම් ගවේෂකයා ස්පාඤ්ඤ කිරීටයේ සහාය ඇතිව 1492 දී ඇමරිකාවට ළඟා විය.

නමුත් ප්‍රධාන ඉතිහාස පොත්වල ඔහු ජෙනෝවා හි උපන් අයෙකු ලෙස විස්තර කළද, වර්තමානයේදී එය අවිනිශ්චිතය. ඔහුගේ උපන් බිම ගැන සෙවීමේදී බොහෝ රටවල් සහ ප්‍රදේශ ඔහුව ඔවුන්ගේම ප්‍රදේශයේ සිටි අයෙක් බව පවසනු ඇත.

වර්තමානය වන විට, දශක දෙකකට වැඩි පර්යේෂණයකින් පසුව, විද්යාඥයින් පවසන්නේ කොලම්බස්ගේ උපන් ස්ථානය පිළිබඳ තර්කය විසඳීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවයි.

2003 දී, Granada විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය José Antonio Lorente සහ ඉතිහාසඥ Marcial Castro විසින් කොලම්බස්ගේ දේහයෙන් DNA සාම්පල ලබා ගැනීමට කටයුතු කළහ.

ඔවුන් ඔහුගේ පුත් හර්නාන්ඩෝගේ සහ සහෝදර ඩියාගෝගේ අස්ථිවලින් ද DNA ලබා ගත්හ.

එතැන් පටන් ඔවුන් ප්‍රතිඵලවල සත්‍යතාව තහවුරු කිරීම සඳහා තාක්‍ෂණික දියුණුව භාවිතා කරමින් අභිරහස විසඳීම සඳහා විවිධ රටවල සහ ප්‍රදේශවල ඓතිහාසික පුද්ගලයින්ගේ DNA සමඟ සංසන්දනය කර ඇති අතර වර්තමානයේ දී ඔවුන් තොරතුරු රාශියක් හෙළි කරගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Deadpool, Loki සහ Thor වැනි මාර්වල් ලෝකයේ තවත් වීරයන් ඇතුළත් 2026 Avengers නිල පෝස්ටරය Marvel Studios එලිදක්වයි!

සටහන – පුලී ජනවාරි 17, කොළඹ (LNW): මාර්වල් ස්ටූඩියෝස් 2026...

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...