සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ද මෙවර මහමැතිවරණයට ඉදිරිපත්වී නැත.
අසනීප තත්වයක් හේතුවෙන් ඔහු මෙවර මහමැතිවරණයට තරග නොකරන බවයි “ගෑස් සිලින්ඩරය” ලකුණින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාරදුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ.
ලොහාන් රත්වත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්රචාරක කටයුතුවලදී ප්‍රසිද්ධියේ රැස්වීම් අමතමින් කියා තිබුණේ තමන් දේශපාලනයේ සිටින තුරු අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති ධුරයට පත්වීමට ඉඩ නොතබන බවකි.