මාලිමා මන්ත්‍රීලා පත්කෙරෙන්නේ මනාපයට අනුව නෙවෙයිද ? – බිමල්ගෙන් පැහැදිලි කිරීමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය තුළ එක් එක් අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීමක් සිදුකෙරෙන නමුත් අපේක්ෂකයින් අතර මනාප පොරයක් ඇතිකර නොගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික බිමල් රත්නායක මහතා පවසයි.

“අපි පැහැදිලිවම ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ඇතුළත මනාප පොරය සිදුකරන්නේ නෑ. නමුත් රටේ නීතිය හදලා තියෙන්නෙ, සමානුපාතික නියෝජනය ලැබිලා තියෙන්නෙ, ඒ එක එක අපේක්ෂකයාට ලැබෙන මනාප සංඛ්‍යාව අනුව තමයි තෝරා පත්කර ගන්නෙ. ඒ නිසා ඊට අනුව තමයි අපි පත්කිරීම් කරන්නෙ. එහෙම නැතුව මනාපවලින් පත්වෙන්නෙ නැති අයව නැවත පාර්ලිමේන්තු ගෙන ඒමට උත්සාහ කරන්නෙ නෑ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ මේ පාර මෙයාට ඡන්දෙ දෙන්න කියලා කියන්නෙ නැද්ද ඔබතුමාලා කාටවත්ම ?

“අපි සෑම අපේක්ෂකයෙකුටම ඡන්දය දෙන්න කියලා කියනවා. අපිත් කියනවා, ඒ අපේක්ෂකයොත් කියනවා. ඒ වගේම අපි මේක සාමුහිකව ඡන්ද ව්‍යාපාරය සිදුකරන්නෙ. ආසන මට්ටමින් ඡන්ද ව්‍යාපාරය ඇත්තටම සිද්ධ වෙන්නෙ. ඒවායෙදි ඒ අපේක්ෂකයින්ගෙ නම්, ඒගොල්ලන්ගෙ විශේෂතා අපි ප්‍රවර්ධනය කරනවා. එකම දේ අපි ඇතුළෙ මේකට රණ්ඩුවක් හදාගන්නෙ නෑ”

බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (11) ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නාම ලේඛනය මැතිවරණ කොමිසමට භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...

Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ 

Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...