සමන්තා පවර් සහ ජනපති අතර සාකච්ඡාවක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ (LNW):

ජනපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා ඇත. මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ශ්‍රී ලංකාව සහ ජත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන් වේ. මෙහිදී අදහස් දක්වමින් සමන්තා පවර් මහත්මිය පවසා ඇත්තේ, රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර සමානතාවයක් පවතින බවය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කාර්යයන් සඳහා පූර්ණ සහය ලබාදෙන බවඳ සමන්තා පවර් මහත්මිය මෙහිදී ජනාධිපතිවරයා හමුවේ පැවසූ බවයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට මෙන්ම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගය ඉහළ නැංවීම සඳහා කැපවන බවද සමන්තා පවර් මහත්මිය මෙහිදී පවසා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...