නාරම්මලදී මාරක අනතුරක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12 කොළඹ, LNW :

අද (12) දින නාරම්මල අලහිටියාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

පොලිසිය සදහන් කළේ, ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව දුරකතන කණුවක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ලොරි රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු එම ලොරි රථයටම යටවී තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රථිකාර සඳහා නාරම්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 26 හැවිරිදි සහ 29 හැවිරිදි වයස්වල පසුවන වවුනියාව සහ නෙදුන්කේනි ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයින් දෙදෙනකු බව වාර්තා වේ.

අදාළ අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව පැවසෙර්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...