බාල ගල් අඟුරුවලින් රටට කිසිම බරක් නෑ. කෝටි 122ක් වැඩිපුරත් ලැබිලා – හිටපු ඇමති කුමාර

2025/2026 ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සැපයුම්කරු විසින් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීමේ සිද්ධියෙන් රටට හෝ විදුලි බිලට කිසිදු අමතර බරක් ඇති නොවූ බව හිටපු බලශක්ති අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි මහතා පවසයි.

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා ඇතිවූ අලාභය රුපියල් බිලියන 15.765ක් වුවත් අදාළ සැපයුම්කරුගේ කාර්ය සාධන ඇපකරය මගින් මේ වනවිටත් රුපියල් බිලියන 16.989ක් රජය විසින් රඳවාගෙන ඇති බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ සම්බන්ධයෙන් ඒ මහතා තබා ඇති ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

මෙම ගල් අඟුරු ගනුදෙනුව ඇතුළු 2009 වසරේ සිට ගල් අඟුරු ටෙන්ඩර් පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති කොමිසමක් ද පත්කෙරුණු අතර එම කොමිසමේ විමර්ශනවලට ඉඩදෙමින් කුමාර ජයකොඩි මහතා මේ වනවිට තාවකාලිකව ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජිබුටි වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළී 109ක් මරුට – 116කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12 : පුද්ගලයන්...

රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට යළිත් හූති ප්‍රහාරයක්! එක් අයෙකු මරුට, 11කට තුවාල(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12 : යේමනයේ...

හොරකම, නාස්තිය, දූෂණය, වංචාව 100%ක් නැතිකරන්න අපිට බැහැ – ඇමති නාමල්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ හොරකම, නාස්තිය, දූෂණය සහ...

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 12) දිනයේදී දිවයිනේ බොහෝ...