රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW :
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් මෙම වසරේ ජූලි සහ ඔක්තෝබර් මාසවලදී දිවයින පුරා සිදු කරන ලද වැටලීම් 182කදී, SLS සහතික කිරීමේ සලකුණ නොමැති යතුරුපැදි හිස්වැසුම් 758කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.
ඔක්තෝබර් 6 වන දින ආරම්භ කරන ලද නවතම මෙහෙයුම යටතේ දිස්ත්‍රික්ක 21ක් ආවරණය වන පරිදි වැටලීම් 84ක් සිදු කළ අතර, එහිදී SLS සහතික කිරීමේ සලකුණ නොමැති හිස්වැසුම් 327ක් අත්අඩංගුවට ගැනිණි.
ආරක්ෂිත හිස්වැසුම් සඳහා වන අවශ්‍යතා නිර්වචනය කරන SLS 517 ප්‍රමිතියට අනුකූල නොවන යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් මෙම වැටලීම්වලදී ඉලක්ක කෙරිණි.
විවිධ වෙළඳ නාම යටතේ අලෙවි කෙරෙන හිස්වැසුම් මෙම වැටලීම්වලදී හමු වූ බවත්, ඇතැම් වෙළඳ නාම හෝ ඊට සමාන වෙළඳ නාම දිස්ත්‍රික්ක කිහිපයකම දක්නට ලැබුණු බවත් අධිකාරිය සඳහන් කළේය. සිල්ලර වෙළඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අමතරව, සැපයුම්කරුවන්, බෙදාහරින්නන්, ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් හඳුනා ගැනීම සඳහා විමර්ශන පුළුල් කෙරෙමින් පවතී.
ගම්පහ, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල හිස්වැසුම් සම්බන්ධයෙන් SLS ස්ටිකර් (ලේබල්) භාවිත කිරීම පිළිබඳව ලැබී ඇති වාර්තා සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කෙරෙමින් පවතී.
ළමුන් සඳහා වන සහ කුඩා ප්‍රමාණයේ හිස්වැසුම් අතර ද SLS සලකුණ නොමැති හිස්වැසුම් හමු වූ බව අධිකාරිය පැවසීය. යතුරුපැදි හෝ වෙනත් වාහන භාවිතා කරන්නන් සඳහා ආරක්ෂිත හිස්වැසුම් ලෙස අලෙවි කරන විට, එවැනි නිෂ්පාදන SLS 517 ප්‍රමිතියට අනුකූලද යන්න පිළිබඳව පරීක්ෂා කෙරේ.
නිසි බිල්පත් නොමැතිව හිස්වැසුම් අලෙවි කිරීමේ හෝ නිෂ්පාදකයින් සහ සැපයුම්කරුවන් හඳුනා ගැනීමට නොහැකි අවස්ථා ද අධිකාරිය විසින් හඳුනාගෙන ඇති අතර, එම අවස්ථා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.
ජූලි 27 වන දින සිදු කළ මෙවැනිම දිවයින පුරා ක්‍රියාත්මක වූ මෙහෙයුමකදී, අධිකාරිය විසින් වැටලීම් 98ක් සිදු කර SLS සලකුණ නොමැති හිස්වැසුම් 431කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
වලංගු SLS සහතික කිරීමේ බලපත්‍රයක් නොමැතිව යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදනය නොකරන ලෙස නිෂ්පාදකයින්ට අධිකාරිය විසින් අනතුරු අඟවා ඇත. එසේම, අදාළ සහතික කිරීමේ සලකුණ නොමැති හිස්වැසුම් තොග වශයෙන් තබා ගැනීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි නොකරන ලෙස ආනයනකරුවන්, බෙදාහරින්නන්, තොග වෙළඳුන්, සිල්ලර වෙළඳුන්, ජංගම වෙළඳුන්, අන්තර්ජාලය හරහා අලෙවි කරන්නන් සහ යතුරුපැදි අලෙවිසැල් වෙත උපදෙස් ලබා දී ඇත.
හිස්වැසුම් වෙළඳපොළ පිළිබඳව දිගටම නිරීක්ෂණය කරන බවත්, පූර්ව දැනුම් දීමකින් තොරව තවදුරටත් වැටලීම් සිදු කරන බවත් අධිකාරිය ප්‍රකාශ කළේය.
මේ අතර, හිස්වැසුමක් මිලදී ගැනීමට පෙර SLS සහතික කිරීමේ සලකුණ පරීක්ෂා කරන ලෙසත්, වලංගු මිලදී ගැනීමේ රිසිට්ප SLS සලකුණ නොමැති හිස්වැසුම් නිෂ්පාදනය, බෙදා හැරීම හෝ අලෙවි කිරීම පිළිබඳ තොරතුරු, කාර්යාල වේලාවන් තුළදී පාරිභෝගික කටයුතු අධිකාරියේ (CAA) කෙටි දුරකථන අංකය වන 1977 ඇමතීමෙන් මහජනතාවට ලබා දිය හැකිය.


