කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනුණු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඔක්තෝබර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පසුගිය 06 වනදා ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර අද (12) දිනය දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබුණි.


