ලාෆ්ස් ගෑස් මිලත් අඩු කරයි. නව මිල ගණන් මෙන්න

ඊයේ (11) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමට ලාෆ්ස් ගෑස් සමාගම පියවර ගෙන තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකිරීමටයි එම සමාගම කටයුතු කර ඇත්තේ.

මෙතෙක් රුපියල් 5800 ක්ව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5300 ක් වේ.

එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය මිල ද රුපියල් 200 කින් අඩුකිරීමට එම සමාගම පියවර ගෙන ඇත.

මෙතෙක් රුපියල් 2320 ක් වූ එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2120 කි.

RN