අර්බුදය මැද්දේ උසාවියෙන් ඇහෙන කතා ….

Date:

පෙරේදා එකෙක් අවු.72 ක් වයස අම්මාට තඩි බාලා මාට්ටු. ගෙවල්වල අග හිගකම් ඔඩු දුවනකොට වයසට ගිහිං, වැඩක් පලක් කරන්ඩ බැරුව ගෙදෙට්ට වෙලා ඉන්න අම්මත් උට අමතර බරක්.

මැදවච්චියේ විතරක් මේ දවස් දෙකට ගංජා නඩු විතරක් හයක්.ඊයේ ගංජා කිලෝවක් එක්ක රජයේ සේවකයෙක් මාට්ටු.අයිස් එක්ක මෙහෙ සභාවේ මන්ත්‍රීයෙකුත් මාට්ටු.

අරක්කු සිගරට් මිල දවස ගානේ ඉහල යනකොට මිනිස්සු විකල්ප හොයනවා. තව සමහරු ඒකෙං ගතමනාවක් හොයා ගන්ඩ බලනවා.

ජීවත් වෙන්ඩම විදියක් නැතුව හේනක් කොටන එකයි,හිගනකමට කසිප්පු බෝතලයක් අරං යන එකයි කුදලං ඇවිත් උසාවි දාලා දඩ ගහලා ආන්ඩුව භාන්ඩාගාරේ පුරව ගන්ඩ බලනවා.

පෙරේදා තව එකෙක් පස්සෙං පන්නං ගිහිං වට රවුමේ අනිත් පැත්තෙං දාලා සයිකලයක් හප්පලා, කොල්ලෙක්ව මරලා.

බිස්නස් කඩං වැටිලා , තරඟේ ඔඩු දුවලා එක එකා මරා ගන්නවා.

අපූරුවට හිටපු කපල් එකක් ඊයේ ඩිවෝස් නඬුවක් ෆයිල් කරන්ඩ ආවා.මිනිහා ගෑනිට ලමයිට හරියට කන්ඩ බොන්ඩ දෙන් නෑලු.

ගංජා බිස්නස් කලැයි කියලා ගෑනියි, මිනිහයි රිමාන්ඩ් කලා.එදා රෑම තව සෙට්ටෙකක් ඒ ගෙදර සුද්දම කරලා දාලා.

ගිය සතියේ අවු.17 ක ගෑනු ලමයෙක් බෙල්ලේ වැල දා ගෙන මැරුනා……අමතර පන්තියකට යන්ඩ සල්ලි ඉල්ලුවාම තාත්තා ලමයට බැනලා.

…………………………………….

පවතින ආර්ථික පීඩනයට එරෙහිව මිනිස්සු ආන්ඩුවට විරුද්ධව පාරට බහින එක නවත්තලා.ඒ පීඩනය පොදුවේ බෙදා හදා ගෙන සමාජය ඇතුලේම ඒ පීඩනය දියාරු කර ගත්තට ඒ පීඩනය වෙන වෙන විදිවලට එලියට පයිනවා.

සමාජ සම්බන්ධකම්, පවුල් සම්බන්ධකම් එන්ඩ එන්ඩම කඩාන වැටිලා, සමාජ සංස්ථාවම අවුල් ජාලයක් වෙනවා.

ඒක එලිපිටම දකින්ඩ පුලුවං තැනක් තමා උසාවිය.

දේශපාලන අරගල කසි කබල් වචන ටිකකට සීමා වුනාම, සමූහයක් විදියට නැඟිටින්ඩ ගිහිං හිරේ විලංගුවේ වැටෙනවට වඩා කුටුම්භයක් කියලා තමංම හදා ගත්ත හිර ගෙදර හිර ගත වෙන එක හොඳයි කියලා හිතලා, ජීවත් වෙන්ඩ හැදුවත් ඒකත් ලේසි නෑ. දේශපාලන කෙසේ වෙතත් රටක ආර්ථික පීඩනය ඉක්මනටම කාන්දු වෙලා පුපුරා යන ප්‍රාථමිකම සමාජ ඒකකය තමා පවුල…ඒ කියන්නේ කුටුම්භය.

අවු.20 කට විතර කලිං මයෙ කෙටි කතා පොතට මංම පසු වදනක් ලීවා ..

“සංවාදය ස්වයං වින්දනයක් වුනාම,
සාමූහිකත්වය කියන එක බල්ලට ගියාම…
මිනිස්සු එක රැයිං,
හදා ගන්නවා පුංචි හිර කුටියක්…
සනූජා…සනූජා..
ගේන්ඩ මයෙ වයලින් එක..
පිස්සු හැදෙන්ඩ කලිං මේ මිනිහට..
ගේන්ඩ මයෙ වයලින්නෙක…”

මේ විදියට ම තවත් ඉස්සරාට ගියොත් මිනිස්සුන්ට නතර වෙන්ඩ ඉතුරු වෙන්නේ තැං දෙකයි.

එකක් බන්ධනාගාරය… අනෙක මානසික රෝහල….

~ නීතීඥ වසන්ත සිරි වටගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...