සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරයට අවශ්‍ය ඩීසල් තොග අවහිර කරන බවට රුසියාවට චෝදනා!

Date:

සැපොරිසියා බලාගාරයේ කටයුතු ඇණ හිටී. හදිසි විදුලි ජනනය සඳහා අවශ්‍ය ඩීසල් තොග ඇණවුමට රුසියාවෙන් බාධා…

යුක්රේනයේ පිහිටා තිබෙන සැපොරිසියා (Zaporizhzhia) නම් න්‍යෂ්ඨික බලාගාරයට අවශ්‍ය ඩීසල් තොග ගෙන්වීම අවහිර කිරීමට රුසියාව කටයුතු කර ඇති බව යුක්රේනය චෝදනා කරයි.

යුක්රේනයේ රාජ්‍ය න්‍යෂ්ඨික බලශක්ති සමාගමක් වන එනර්ගොතොම් (Energoatom) ප්‍රකාශ කරන්නේ සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරය අක්‍රිය වූ පසු එය නැවත ක්‍රියා නැංවීමට අවශ්‍ය ඩීසල් තොග රැගෙන එන තම සමාගමේ වාහන අවහිර කිරීමට රුසියාව කටයුතු කරන බවයි.

ඉකුත් දින යළි සක්‍රිය කරන ලද සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරයේ වැඩකටයුතු නැවත ඇණහිටි අතර, විදුලි ජනනය සඳහා හදිසි ඩීසල් ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට එම බලාගාරයට සිදුව ඇති බව එක්සත් ජාතීන් ගේ න්‍යෂ්ඨික බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රොසී පවසා තිබිණි.

කෙසේවෙතත්, මෙම කටයුත්ත ඉටු කිරීමට රුසියානු හමුදා ඉඩ ලබා නොදෙන බවයි එනර්ගොතොම් සමාගම චෝදනා කරන්නේ.

මේ අතර, සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට ද රුසියාව කටයුතු කළ බව අදාළ සමාගම චෝදනා කරයි. එහෙත් මේ පිළිබඳව පළවන වාර්තාවල වලංගුභාවය පිළිබඳ ගැටළු පවතී.

මේ පිළිබඳව කළ විමසීමක දී අදාළ වාර්තාවල වලංගුභාවය තහවුරු කරගැනීමට අසමත් වූ බව රොයිටර් පුවත් සේවය පවසයි.

තම සමාගම සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරයට විදුලි ජනනයට අවශ්‍ය ඩීසල් තොග ලබා දීමට සූදානම් කර ඇති මුත්, රුසියානු පාර්ශවය ඊට ඉඩ ලබා නොදෙන බවයි එනර්ගොතොම් පවසන්නේ.

රුසියානු – යුක්රේන යුධ තත්ත්වය හමුවේ සැපොරිසියා න්‍යෂ්ඨික බලාගාරය අසල සිදුවන සන්නද්ධ ගැටුම් පිළිබඳව මුලුමහත් ලෝකයේම අවධානය යොමුව තිබේ. යම් හෙයිකින් මෙම න්‍යෂ්ඨික බලාගාරයට එල්ලවන ප්‍රහාරයක් හමුවේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියකයක් හෝ පුපුරා යෑමක් සිදුවූවහොත් එය 80 දශකයේ සෝවියට් දේශයම ලේ විලක් බවට පත්කළ ෂර්නොබිල් ඛේදවාචකයේ දෙවන අදියර වනු නොඅනුමාන ය.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...