රනිත්මා පෙරට..අද සිංගප්පූරු අභියෝගයකට මුහුණ දෙයි

Date:

ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබන තරගාවලියක් වන යොනෙක්ස් බෙන්ඩිගෝ ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ තිස් දෙදෙනාගේ වටය නියෝජනය කළ රනිත්මා ලියනගේ 16 දෙනාගේ වටය දක්වා ඒමට පහසුවෙන් සුදුසුකම් ලබා ගත්තාය.ඒ ඕස්ට්‍රේලියාවේ බටහිර බෙන්ඩිගෝ හී පැවත්වෙන මෙම තරගාවලිය නියෝජනය කළ සත්කාරක රටේ ඉරා සමීර් ආචර්යා පරාජය කරමින්ය.එහි ලකුණු තත්ත්වය දැක් වූණේ 21 – 7 ක් සහ 21 – 4 ක් ලෙසය.


එම ජයග්‍රහණයෙන් පසුව 16 හැවිරිදි රනිත්මා 16 දෙනාගේ වටයේදී හමුවන්නේ පළපුරුදු ජාත්‍යන්තර තරග අත්දැකීම් ඇති ක්‍රීඩිකාවක වන සිංගප්පූරුව නියෝජනය කරන 23 හැවිරිදි යූ යාන් ජැස්ලින් හූ ය.2020 ඔලිම්පික් ශ්‍රේණිගත කිරීම් සඳහා සළකා බලන විට 137 වන ස්ථානයේ සිටි ජැස්ලින් මේ වන විට ශ්‍රේණිගත කිරීම්වල 373 වන ස්ථානය දක්වා පසුබැස සිටියද,ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා හොඳ සූදානමකින් පැමිණෙනු ඇත.


රනිත්මා ජැස්ලින්ට වඩා ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන තුන්සිය ගණනක කිට්ටුවෙන් පසුපසෙන් සිටියද මෑත කාලීනව ජයග්‍රහණ අතර සිටින බැවින් රනිත්මා මේ තරගයේදී ඉදිරියට යාම සඳහා අභියෝගයක් ඇති කිරිමට සුදුසු මට්ටමේ සිටින්නීය.රනිත්මාගේ වත්මන් වයස වන අවුරුදු 16 දී සිංගප්පූරු යොවුන් ජාත්‍යන්තර තරගාවලියේ කාන්තා ඒකල සහ යුගල සූරතා ද්විත්වයම දිනා ගනිමින් ජාත්‍යන්තර තරග පිටියට පිවිසි ජැස්ලින් 2021 දී ෂාමියා ඉමාද් පරාජය කරමින් පෝලන්ත ජාත්‍යන්තර තරගාවලියේ කාන්තා කේවල තරගය ජය ගත් ක්‍රීඩිකාවය.


මේ අතර ආශිංෂ හේරත් ද හෙට දිනයේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊජිප්තු ජාත්‍යන්තර සූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයට තරග වදින්නේය.එහිදි එම වටය නියෝජනය කරන ක ිඩකයින් අතර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්ල 373 ස්ථානයේ සිටින ආශිංස සුදුසුකම් ලැබීමේ වටයේ ප්‍රබලතමයා ලෙස තර වදින්නේය.ඔහු එහිදී ජර්මණියේ ජස්ටින් සීබල් සමඟ තරගයට පිවිසෙන්නේය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ දුෂණ හොයන්න විශේෂ විමර්ශන කමිටුවක්!

කොළඹ LNW:2010 - 2025 අතර කාලයේ සීමාසහිත ශ්‍රී ලංකන්...

STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

සටහන – පුලී ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන්...