*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ප්‍රඥාව කියන්නේ මහා කන්දක් – ධම්මික පෙරේරා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ නෙලුම් පොකුණ පරිශ්‍රයේහි පැවති සම්මන්ත්‍රණයක් අමතමින් , ප්‍රකට ව්‍යාපාරිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා කියා සිටියේ, ආසියාවේ ඇති හොඳම අධ්‍යාපන ක්‍රමවේදය හදන්න තමාට අවුරුදු හතරකින් හැකිවූ බවයි.

තවද ඔහු පැවසූවේ, ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ඇති අඩුපාඩුද සකසමින්, එම පාසල් ද ජාත්‍යන්තර ප්‍රමිතියට ගෙන ඒමට අවශ්‍ය බවයි.

ඒ පිළිබඳ ධම්මික පෙරේරා මහතා දැක්වූයේ මෙවන් අදහසක්,

ලංකාවේ තියෙන පාසල් දහදාහ ම තියෙන බිල්ඩින් වල වහල private sector එකට දුන්නොත් sola panel හයි කරන්න අපිට පුලුවන් ඒවට කුලිය වෙනුවට ස්මාර්ට් ක්ලාස් රූම් ගන්න. ආසියාවේ තියන හොඳම අධ්‍යාපන ක්‍රමවේදය හදන්න මට අවුරුදු හතරයි ගියේ. ලංකාවේ පාසල් අධ්‍යාපනය අඩුපාඩු තියෙනවා ඒවා හදන්න ඕනේ ජාත්‍යන්තර ප්‍රමිතියට.

හොරණ තක්ෂිලාවට තිබුණෙ එක equipment එකයි පස් දෙනෙකුට ම. අධ්‍යාපනය හදන්න ඕන නම් අවුරුද්දකින් හදන්න පුළුවන් ආසියාවේ හොඳම අධ්‍යාපනය බවට. රටේ රුපියල් හැටක් ගෙවලා අධ්‍යාපනය ලබා ගන්න බැරි ළමයි ඉන්නවා. නිදහස් අධ්‍යාපනය වුනොත් පාසැල් ස්කූල් ෆීස් අය කරනවා හැබැයි ඩීපී education එහෙම කරන්නේ නෑ.

ටක් කොච්චර බංකොලොත් වුණත් හදන්න පුළුවන්.

ලංකාවේ ලොකු ව්‍යාපාරිකයෝ හැම කෙනෙකුටම තියෙන්නේ දෙපාරක් tax ගෙවපු සල්ලි. ප්‍රඥාව කියන්නේ මලක් වගේ කඩල ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ප්‍රඥාව කියන්නේ මහා කන්දක්.

Dp education අපි පඩි පෙළවල් 324 ක් හදලා ඒ පඩිපෙල් කන්ද තරණය කරන්න පාර හදලා දෙනවා. හදන්න බැරි දේවල් වලට මම කවදාවත් මැදිහත් වෙන්නේ නෑ මුදල් වෙන් කර නෙත් නෑ මේක හදන්න පුළුවන්.

අපිත් එක්ක ලංකාවේ විශ්ව විද්‍යාල ගණනාවක් එකතු වෙලා ඉන්නවා ඒ ඒ lecturers ලා ගොඩක් දුර පේන අය. මේ රටේ ඉන්න 99% මිනිස්සු හොඳ මිනිස්සු සීයට එකයි ඉන්නෙ නරක මිනිස්සු.

මම හදපු සමාගම් වල අවුරුද්දකට බිලියන ගානක් මිලදී ගන්නවා ඒවා ඔක්කොම system වලින් දුවනවා මට කාවවත් සැක නෑ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බාල බෙහෙත් ගේනවලු වැරදි injection ගේනවලු කොහොමද මේ වගේ දේවල් වෙන්නේ සිස්ටම් එකක් නැති හින්ද තමයි .

ලංකාවක් හදන්න ඕන්නං සම්පූර්ණයෙන්ම digital system එකක් ගේන්න ඕනේ. මගේ අවුරුදු විසිතුනේ දුවට company එකේ directer කම දීලා එළියට ආවේ සිස්ටම් එකක් තියෙන හින්දා.

ඇනලොග් යුගයෙන් ඩිජිටල් යුගයට අපි යන්න ඕනේ, අනිත් රටවල් ඒ දේවල් වලට දැන් ගිහිල්ලා ඉවරයි. දැන් මේ වෙනකොට මේවා ඉවර වෙන්නත් කලින් ළමයින්ව රස්සා වලට ඉල්ලනවා 324 යන්න කලින්ම.

අපිට පුළුවන් මාස හතක ළමයෙකු ට රස්සාවක් දෙන්න ඒ කියන්නේ පැය නමසිය හැට ඉගෙන ගත්ත දරුවෙකුට. 2025 වෙනකොට මුලු ලෝකෙම ඩිජිටල් වෙලා ඉවරයි. තව මාස 15 කින් මුළු ලෝකෙටම ඉන්ටනෙට් ලැබෙනවා.

මම ලෑස්ති වෙලා ඉන්නේ මේ change එකට. දුප්පත්කම අපිට නැත්තට නැති කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගෙන් ඉල්ලනවා මේ ඩීපී coding school එකතුවෙලා coding කරන්න කියලා.

අපිත් එක්ක දැන් 180000 ක් විතර දරුවෝ ඉන්නවා ඔන්ලයින් එකතුවෙලා හැබැයි දෙමව්පියෝ analog උනාට කමක් නෑ ලංකාව දරුවෝ හැමෝම ඩිජිටල් වෙන්න

ලෙස ඒ මහතා පැහැදිලි කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan