දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/12

Date:

  1. ණයවලට අදාළව චීනයේ එක්සිම් (Exim) බැංකුව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් එළඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දැනුම් දී නොමැති බව එම අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) පවසයි: “ඉලක්ක කරා ළඟා වීමට ඇති හැකියාව පිළිබඳව තීරණය කිරීම සඳහා සියලුම ණය ගිවිසුම් පිරික්සීමට” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සිදුවන බව පවසයි: “බර බෙදා ගැනීම රටවල් සහ ණයහිමියන් අතර සාකච්ඡාවට බඳුන්වන කරුණක් වන අතර, ප්‍රතිඵල කුමක් වූව ද ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ඉලක්කවලට අනුකූල විය යුතු” බව එම අරමුදලේ මූල්‍ය කටයුතු පළිබඳ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලා-නොරිස් (Dabla-Norris) යළි අවධාරණය කරයි.
  2. ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ ආචාර්ය රොහාන් ගුණරත්න කතෝලික රදගුරු සමුළුවට පටහැනි මතයක් ඉදිරිපත් කරයි: 2019 පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව සහ පකිස්ථානය වැනි රටවල විවිධ ජාත්‍යන්තර ආයතන සහ රහස් ඔත්තු සේවාවල වාර්තා රහසිගත බැවින් ඒවා ප්‍රසිද්ධියට පත්කළ නොහැකි බව පවසයි.
  3. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය විමර්ශනවල දක්නට ලැබෙන ඇතැම් අඩුපාඩු ඉවත් කර ගැනීම සඳහා දේශීය පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අලුතින් ලිපියක් යොමුකරයි: කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළුව රදගුරුවරුන් කිහිප දෙනෙකු විසින් මෙම ලිපියට අත්සත් තබා ඇත.
  4. ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ලැබී ඇති පන්නරය පහව යාමට ප්‍රථම “ජනතාව මත පටවා ඇති බර අඩු කිරීම සඳහා” රාජ්‍ය ව්‍යවසායන් ඉවත් කිරීම ශ්‍රී ලංකාව තුළ වේගවත් කළ යුතු බව චින්තන මණ්ඩල උපදේශක රොහාන් සමරජීව පවසයි: 2024 මැතිවරණ වසරක් වීමට ඉඩ ඇති බැවින් මෙවැනි ප්‍රතිසංස්කරණ සඳහා මෙය සුදුසු කාලය නොවන බව ද පවසයි.
  5. ශ්‍රී ලංකාව, ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) 23 වන ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ සභාපතිත්වය දරයි: ශ්‍රී ලංකාව, 1997 වසරේ පිහිටුවා ගනු ලැබූ ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ ආරම්භක සාමාජිකයකු වන අතර, මීට ඉහත 2003 – 2004 කාලසීමාව තුළ එහි සභාපතිත්වය හොබවා ඇත.
  6. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය හැකි නම් එය අහෝසි කිරීමට විපක්ෂය එකඟ වන බව පා.ම. මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
  7. කොන්ජන්ක්ටිවයිටිස් (Conjunctivitis) නම් අක්ෂි ආසාදනය දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බවට වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු පවසති: මේ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින අමාත්‍යංශය, එම ආසාදනය අවම කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවරයන් පැහැදිලි කරයි: මෙම අක්ෂි ආසාදනය සෞඛ්‍යයට තර්ජනයක් නොවන බව ද වැඩිදුරටත් පවසයි.
  8. කමිටු ශාලා තුළ බොහෝ වැඩකටයුතු සිදුවෙමින් පවතින පසුබිමක් තුළ මහජනතාවට පෙනෙන දේට වඩා වැඩි යමක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි: ඇතැම් මන්ත්‍රීවරුන් කැමරාව සඳහා ලොබියේ “රඟපෑමේ” නිරතවන බවත්, “රඟපෑම” අතින් සීමාවෙන් ඔබ්බට යාමේ ප්‍රවණතාවක් ඔවුනට ඇති බවත් පවසයි.
  9. හිටපු අමාත්‍ය අහමඩ් සයිනුලාබ්දීන් නසීර්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අධිකරණ තීන්දුව මත අහිමි වීමත් සමඟ පුරප්පාඩු වූ ආසනය පිරවීම සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුරයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අලි සහීර් මවුලානා සෙයියාද් පත් කිරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම නිකුත් කරයි.
  10. ඕස්ට්‍රේලියාවේ “Sydney Thunder” WBBL තරඟාවලියේ 2023-24 වාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු (33) බඳවා ගන්නා බව ඕස්ට්‍රේලියාවේ කාන්තා බිග් බෑෂ් ලීග් කණ්ඩායම නිවේදනය කරයි: මීට ඉහත ඈ විසින් “Perth Scorchers” කණ්ඩායම නියෝජනය කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...

සිවුවන දිනටත් ඉරාන-ඊශ්‍රායල් ගැටුම අඛණ්ඩවම; ඊශ්‍රායලය ටෙහෙරානයේ ගුවන් අවකාශය අත්පත් කරගනියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය හා ඉරානය...

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...