ඔබත් ජපන් යෑමට සිහින දකින්නෙක්ද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීමට මහඟු අවස්ථාවක් උදාවී අත. ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අවබෝධතා ගිවිසුමකට එළඹීමත් සමඟයි. විශේෂ නිපුණතා සහිත තරුණ තරුණියන් මෙහිදී විශේෂ ඇගයීමකට ලක්වේ.

මෙහිදී, එම අදාල ගිවිසුමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා සහ IM Japan ආයතනය වෙනුයෙන් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක Masnobu Komiya මහතා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී ඊයේ ( 11)දින අත්සන් තබා ඇති බව සඳහන් වන අතර , මෙමගින් සාත්තු සේවා, ආහාර සැකසුම් හා කෘෂිකාර්මික යන ක්ෂේත්‍රවලට අදාළ විශේෂ නිපුණතා සහිත (SSW) ශ්‍රි ලාංකික තරුණයින් හට ජපානයේ රැකියා අවස්ථා හිමිවන අතර, තෝරාගන්නා ලද ශ්‍රමිකයින්ට වසර 5ක සේවා ගිවිසුම් කාලයක්ද හිමිවන බව සඳහන් වේ.

එම අවස්ථාවේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා IM Japan ආයතනයේ නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී SSW යටතේ බදවා ගැනීම් සදහා වන විභාග ක්‍රමය සරල කරන ලෙසට ඉල්ලා සිට ඇත.

ඊට යහපත් ප්‍රතිචාර දැක්වූ IM ජපන් නියෝජිතයින් ඒ සඳහා අදාල පාර්ශව සමග සාකච්ඡා කිරීමට එකග වී ඇති අතර , ජපන් රැකියා ඉලක්ක කර ගත් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත. ඊටද නියෝජිත පිරිසෙන් යහපත් ප්‍රතිචාර හිමි වූ බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...