*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

දේශපාලනික වශයෙන් පසුබෑමකට ලක්වුවත් රටට මුල්තැන දිය යුතුයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

දේශපාලනික වශයෙන් පසුබැමකට ලක්වුවත් රටට මුල්තැන දියයුතු බවත් ලක්ෂ 220ක ජනතාව ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන්ගෙන් රටට ඉටුවිය යුතු යුතුකම නොපිරිහෙලා ඉටු කරන බවත් එය සමගි ජන බලවේගයේ දර්ශනය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (12) හෝමාගම පැවැති සමගි ජනබලවේගයේ පාක්ෂිකයන් සමග පැවැති හමුවකදීය.

ප්‍රජාතන්ත්‍රවාදී ගමන ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ ආශිර්වාදය මත බවත් මේ දේශපාලනය හරහා රට දිනවන ශක්තිමත් කරන වැඩපිළිවෙළකට මුල පුරා ලක්ෂ 220 ජනතාව ආරක්ෂා කරගෙන සෞභාග්‍යය සම්පන්න රටක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් මහතා හමුවු අවස්ථාවේ ලංකාව වෙනුවෙන් දෙන සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තුතිය පිරිනැමු බවත් බංකොලොත් වූ අවස්ථාවේ සිට තනි රටක් ලෙස ඔවුන් විශාල ආධාර ලබා දුන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඔහුට සිය ස්තුතිය පුදකරමින් තවතවත් සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් සඳහන් කළේය.

එමෙන්ම මෙරටට එන ඉන්දීය සංචාරකයන් වර්ධනය කරන ලෙසත් ඉන්දියාවේ විවිධ ව්‍යාපාර හා ආයෝජකයන්ට අප රටේ කර්මාන්ත ශාලා ඇති කර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ද ඉන්දීය ආයෝජන වර්ධනය කරන ලෙස ඉල්ලා සිටි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සෑම විටම රට වෙනුවෙන් පෙනී සිටිය යුතුයි

තවද අප අදටත් බංකොලොත් රටක් බවත් ණය ගෙවාගත නොහැකි රටක් බවත් 2028 වන විට නැවත ණය ගෙවිය යුතු බවත් සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා එම නිසා සැම අවස්ථාවකදීම රටේ සංවර්ධන වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් ඒ වෙනුවෙන් උපරිම කාර්ය ඉටු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ අරමුණ ලොව පළමු තැනට ලංකාව පත් කිිරීම බවත් ඒ සදහා ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත් ප්‍රකාශ කළේය.

සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් ප්‍රවර්ධනයක් ලබා ආර්ථිකය දියුණු කළ යුතු බවත් අපට ආසන්න ඉන්දියාවේ සහාය අප ලබා ගත යුතු බවත් පැවසූ ඒ මහතා දුක්විදින ජනතාව සිටින අප රටේ දුප්පත්කමින් මිදීමට පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් අපනයන කේන්ද්‍රීය කර්මාන්ත පද්ධතියක් නිර්මාණය විය යුතු බවත් ඒ හරහා තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවලට විසදුම් ලැබෙන බවත් තවදුරටත් පැවසීය.

දක්ෂයෝ ඉන්නේ අපි එක්ක

දක්ෂයින් සියල්ල සිටින්නේ සමගි ජන බලවේගය සමග බවත් රටට ගොඩනැගීමට නම් ආර්ථිකය ශක්තිමත් කරන පැහැදිලි සැලසුමක් තිබිය යුතු බවත් ඒ වෙනුවෙන් කැපවෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan