පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ (LNW):

පවත්නා වැසි තත්ත්වයේ බලපෑම ප්‍රදේශ ගණනාවකට තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර, පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

අද දිනයේද බස්නාහිර , සබරගමුව, වයඹ ,මධ්‍යම සහ උතුරු පළාත්වලට තද වැසි ඇතිවන බව වාර්තා වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, එමෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

දිවයිනේ සෙසු පළාත්වලද රාත්‍රි කාලයේ හෝ සවස් කාලයේ තැනින් තැන වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් ඇති බවත්, මේ අතර අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශයට ඊයේ දැනුම් දී තිබුණි.

දිස්ත්‍රික් 11 කට බලපෑ ජල ගැලීම් හා නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 24,492නෙකු ඊයේ වන විට ආපදාවට ලක්ව සිටි අතර, සහන මධ්‍යස්ථාන 23 පවුල් 584 කට අයත් පුද්ගලයින් 2200ක් රදවා තිබෙන බව වාර්තා වේ.

මේ අතර පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා මෙන්ම ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ ද නිරතුරුව කටයුතු කරමින් සිටින බවත්, දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කර තිබූ නාය යෑම් අවදානම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෝටර් රථයක් වැනි දෙයක් වෙනුවෙන් රුපියල් බිලියන ගාණක් වියදම් කරන්න තර​ම් මං මෝඩ නෑ – ඩඩ්ලි සිරිසේ​න

මෑතකදී අතිශය කතාමැ​වූ ඩඩ්ලි සිරිසේ​න මහතාගේ ​රෝල්ස් රොයිස් Phantom...

හරිනි ප්‍රමුඛ මාළිමාව යනු ජ.වි.පෙ. නසන ටර්මිනේටර්ලාද ?

ජ.වි.පෙ. යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරතව සිටි පක්ෂයකි. (ඒ ප්‍රතිපත්‍ති...

පුදුමාකාර විදියට දුක්වීම ….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...