ගම්පහ සහ කොළඹ කොට්ඨාස කිහිපයක සියලුම පාසල් වැසේ !

0
1517

සටහන – රුවන් නෙළුගොල්ල

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොට්ඨාස කිහිපයක පාසල් හෙට (14) දිනයේ වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසීය.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.