අද ආසියාව ජය ගන්න ලංකාවෙ යෞවනයෝ තුනක් සටනට

Date:

අවුරුදු 18 න් පහළ ආසියාතික මලල ක්‍රීඩා උළෙල අද (ඔක්තෝම්බර්13 දා) ඇරඹෙයි.ආරම්භක දිනයේදී අවිශ්ක තේමින්ද සහ ප්‍රවින් සැලමුතු මීටර් 400 තරගය සඳහා එකතු වන අතර එහි මූලික තරග පැවත්වෙන්නේ පෙරවරු 10.50 ට ය.එහි අවසාන පූර්ව තරගඅවසාන තරග පැවත්වෙන්නේ 14 දා පස්වරු 5.40 ට ය.13 දා දුර පැනීම තරගයට සහභාගි වන නෙත්මිකා මධුශානි ද පස්වරු 5.10 ට තරගයට ඉදිරිපත් වන්නේය.
ලංකාවේ වේලාවට පැය දෙක හමාරක් පසුපසින් කුවේට් වේලාව රැඳෙන අතර මේ වන විට එහි ඇති උණුසුම් කාලගුණ තත්ත්වය ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එතරම් යහපත් නැති බව වාර්තා වේ.නමුත් කණ්ඩායම් කළමණාකාරීත්වය සහ පුහුණුකරුවන් ඔවුන්ට දැඩි බාධාවක් නොවන්නට එම උණුසුම් තත්ත්වයට මුහුණ දිය හැකි මට්ටමෙන් කණ්ඩායම මෙහෙයවන බව කුවේට් තොරුතුරු වාර්තා කරයි.
අද උදෑසන සේසියස් අංශක 23 ට පමණ පවතින උෂ්නත්වය පස්වරුව වන විට සෙල්සියස් අංශක 36 – 37 දක්වා ඉහළට එසැවෙනු ඇති බවට කුවේට් කාලගුණ දත්ත හරහා දැක ගන්නට ලැබෙන අතර එම තත්ත්වයට අද මුහුණ දිමට වැඩි ඉඩක් ඇත්තේ ශ්‍රී ලංකාවේ යොවුන් දුර පැනීමේ සූරී නෙත්මිකා මධුශාණිටය.
කෙසේ හෝ ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සමඟ තරගාවලිය පැවත්වෙන ක්‍රීඩාංගණයේ පුහුණු සැසිවලට සහභාගි වුණා.තරගාවලිය සඳහා සූදානම් වෙමින් තිබෙන ක්‍රීඩාංගණයට ආසියාව නියෝජනය කරන අනාගත මලල ක්‍රීඩා බලාපොරොත්තු විශාල වශයෙන් එක්ව සිය පුහුණු කටයුතුවලට සහභාගි වෙමින් සිටින බව දකින්නට ලැබුණා.


RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...