රාජ්‍ය ම්ලේච්ඡත්වය පරාජය කිරීමට පෙරට එනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

වත්මන් ආණ්ඩුව පිරිස් බලයට මිනිස් සම්පතට ජන ඒකරාශියට තරුණ පරපුරේ එකතු වීමට බය බියගුලු නිවට ආණ්ඩුවක් බවත් ආරක්ෂකයෝ පිරිපරා ගෙන ආයුධ අතට අරගෙන තරුණ පරපුර නින්දිත ආකාරයට මර්දනය කරන බවත් ඔවුන් මනුෂ්‍යත්වය ජනතාවගේ බඩගින්න වේදනාව පිළිබඳ සුළු තැකීමක්වත් නොකරන බවත් ඔවුන්ට හිංසනය රාජ්‍ය මිලේච්ඡත්වය එදා සිට හුරු පුරුදු බවත් මේ ම්ලේච්ඡත්වයට එරෙහිව නැගී සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගය රට වටේ ගොස් ආසනයක් ආසනයක් ගානේ සංවිධානය වී දශ ලක්ෂ ගණනින් නුදුරේදී කොළඹට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමට කටයුතු කරන බවත් පුළුවන් නම් මර්දනය දිගටම කරන ලෙසත් ඒ සඳහා වැඩි ආයුෂක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රාජ්‍ය මර්දනය, හිංසනය ජන බලයෙන් පරාජය කරන බව ද පැවසීය.

වත්මන් ආණ්ඩුව පුනරුත්ථාපන කාර්යාංශය ලෙස නව ආයතනයක් පිහිටුවා උද්ඝෝෂණය කරන තරුණ තරුණයන් අත්අංඩගුවට ගෙන පුනරුත්ථාපනය කිරීමට උත්සාහ කරන බවත් එහෙත් සැබවින්ම පුනරුත්ථාපනය විය යුත්තේ ගොවියා, ධීවරයා, තරුණයා, ළමයා විනාශ කළ රාජපක්ෂ පරපුර බවත් නමුත් රාජපක්ෂ පවුලේ අනුග්‍රහයෙන් බිහි වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ වන විට ජනතාවගේ දුක වෙනුවෙන් කතා කරන තරුණ තරුණියන් පුනරුත්ථාපනය මුවාවෙන් සිරගත කර හිංසා කිරීමට උත්සාහ ගන්නා බවත් මෙය පරාජය කිරිමට සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ වියළුව ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...